Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ගාල්ල රිච්මන්ඩ් විදුහල ඩක්වර්ත් හා ලුවිස් න්‍යායයට අනුව ලකුනු 41 කින් පරාජයට පත් කරමින් මෙවර අන්තර්පාසල් ‘ඒ්’ කාණ්ඩයේ එක්දින ශූරතාව දිනා ගැනීමට මහනුවර ත්‍රිත්ව විදුහල සමත්විය.

මෙම අවසන් තරගය කොළඹ තර්ස්ටන් විදුහලේදි පැවැත්විණි.

වර්ෂාව හේතුවෙන් තරගයට බාධා පැමිණි අතර ඉනිමක් පන්දුවාර 41 කට සිමා විය. ඒ් අනුව කාසියේ වාසිය දිනූ ත්‍රිත්ව විදුහලේ ඇරයුමින් පළමුවන පන්දුවට පහරදුන් රිච්මන්ඩ් ක්‍රිඩකයින් පන්දුවාර 40‍.1 ක් තුළ සියළුදෙනාදැවී රැස්කලේ ලකුනු 123 ක් පමණි.

ෂාරෝන් අබිෂේක් කණ්ඩායමේ වැඩිම ලකුනු ලාභියා බවට පත්වෙමින් ලකුනු 33 ක් රැස් කලේය. තීරක රණතුංග කඩුළු 3 ක් දවාගැනීමට සමත්විය.

අනතුරුව ලකුනු 124 ක ඉලක්කයක් හඹා ගිය ත්‍රිත්ව ක්‍රීඩකයින් නැවතත් වර්ෂාවෙන් හේතුවෙන් තරගය නතර කරන විට කඩුළු 4 ක් දැවී ලකුනු 109 ක් ලබා සිටියහ.  කෙසේ වෙතත් ඩක්වර්ත් හා ලුවිස් න්‍යායයට අනුව ඔවුන්ට ඒ වන විටට ලබාගත යුතුව තිබුනේ ලකුණු 68 ක් පමණි.

එහිදී නායක රහල් අමරසිංහ ලකුනු 36 ක් රැස් කලේය. පිත්තෙන්ද දස්කම් දැක්වූ තීීරක රණතුංග නොදැවී ලකුනු 21ක් රැස් කරගෙන සිටියහ. මල්ෂ තරුපති කඩු 3 ක් එහිදී දවා ගත්තේය.

කණ්ඩායම් 18ක්, කාණ්ඩ දෙකක් යටතේ මෙම තරගාවලියට සහභාගි විය. තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය යටතේ, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සම්මේලනය විසින් සංවිධානය කරන ලදී.‍ 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.