ආසියානු ශූරතාව ඉන්දියාවට
- 2025-09-29 13:04:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාකිස්තාන පන්දු යවන්නන්ට මෙල්ල නොවූ තිලක් වර්මාගේ සටන්කාමී පිතිහරඹය හේතුවෙන් පාකිස්තාන කණ්ඩායම කඩුලු 5කින් පරාජය කර 9 වැනි වරටත් ආසියානු ශූරයන් ලෙසින් කිරුළු පැළදීමට ඉන්දියාව සමත් විය.
ආසියානු කුසලාන තරගාවලිය එක්දින හා විස්සයි20 යන ද්විත්ව ආකෘති යටතේම පැවැත්වෙන අතර, එළැඹෙන විස්සයි20 ලෝක කුසලානය ඉලක්ක කර මෙවර විස්සයි 20 ආකෘතියෙන් පැවැත්විණි.
ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ (28දා) පැවති අවසන් මහා තරගයේ පාකිස්තාන කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 147ක ඉලක්කයට පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායම කඩුලු 5කට ලකුණු 150ක් රැස්කර තරගයේ අවසන් (19.4) පන්දුවාරයේ දී සිය ජයග්‍රහණය කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments