ඉතිහාසයේ ප්‍රථමවරට කොදෙව්වන් නැති එක්දින ලෝක කුසලානයක්
- 2023-07-01 18:27:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉතිහාසයේ ප්‍රථමවරට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහභාගී නොවන එක්දින ලෝක කුසලාන තරගාවලියක් තවත් නොබෝ දිනකින් ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිතය.
එක්දින ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීම සඳහා සිම්බාබ්වේහිදී පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි හය දෙනාගේ වටයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ස්කොට්ලන්තය සමග පැවැති තරගයෙන් ස්කොට්ලන්තය කඩුලු 7ක පහසු ජයක් වාර්තා කිරීමට සමත්විය.
මෙම තරගයේ පරාජයත් සමගින් කොදෙව්වන්ට එක්දින ලෝක කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීමට තිබූ අවස්ථාව අහිමිවිය.
ඒ අනුව මෙවර ඉතිහාසයේ ප්‍රථමවරට බටහිර ඉන්දීය කොදෙව්වන් තරග නොකරන එක්දින ලෝක කුසලානයක් පැවැත්වෙනු ඇති අතර කොදෙව්වන් මීට පෙර අවස්ථ දෙකකදී එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කර තිබුණි.
Reply To:
Name - Reply Comment
0 Comments