Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

 

මුම්බායිහිදී අද රාත්‍රී පැවැති අවසන් මහ තරගයේදී ඉන්දීය ලෙජන්ඩ්ස් පිල ලකුණු 14 කින් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල පරාජය කිරීමට සමත් විය.

ශූරතාව සඳහා ලකුණු 282 ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිල ඕවර 20 අවසානයේ කඩුලු හතක් දැවී ලකුණු 167 කට සීමා විය.

ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණයට අවසන් ඕවරයේදී ලකුණු 24 ක් රැස්කිරීමට බාරවිය.

චින්තක ජයසිංහ (40) සහ කෞෂල්‍ය වීරරත්න (38) පස්වැනි කඩුල්ලට ලකුණු 64 ක සම්බන්ධතාවක් පැවැත්වුවද එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය.

විනෙයි කුමාර් යැවූ ඉනිමේ 18 වැනි ඕවරයේ අවසන් පන්දු තුනට කෞෂල්‍ය වීරරත්න ලකුණු 16 ක් (4,6,6) රැස්කිරීමෙන් ඉන්දීය පිල සසළ විය.

සනත් ජයසූරිය පන්දු 35 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 43 ක් රැස්කළේය.

යූසුප් පතාන් පන්දු 36 කින් නොදැවී ලකුණු 62 ක් ද, යුවරාජ් සිං පන්දු 41 කින් ලකුණු 60 ක් ද, රැස්කරමින් ඉන්දීය පිල ප්‍රබල තත්ත්වයකට රැගෙන ඒමට සමත් වූහ.

ධම්මික ප්‍රසාද් යැවූ ඉනිමේ 16 වැනි ඕවරයට ලකුණු 22 ක් එකතු වීමත් සමඟ ඉන්දීය පිල ශක්තිමත් විය.

ඉන්දීය ලෙජන්ඩ්ස් පිල ඕවර 20 කදී කඩුලු 4 ට 181 (සචින් තෙන්ඩුල්කාර් 30, යුවරාජ් සිං 60, යූසුෆ් පතාන් නොදැවී 62, රංගන හේරත් 11/1, සනත් ජයසූරිය 17/1, ෆර්විස් මහරුෆ් 16/1, කෞෂල්‍ය වීරරත්න 23/1) ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල ඕවර 20 කදී කඩුලු 7 ට 167 (සනත් ජයසූරිය 43, තිලකරත්න ඩිල්ෂාන් 21, උපුල් තරංග 13, චින්තක ජයසිංහ 40, කෞෂල්‍ය වීරරත්න 38, යූසුප් පතාන් 26/2, ඉර්ෆාන් පතාන් 29/2, මන්ප්‍රිට් ගොනි 24/1, මුනාෆ් පටෙල් 46/1)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.