උසස් දක්ෂතා සංචිතයේ ක්‍රීඩකයන්ට තවත් රුපියල් 25000ක්
- 2021-03-24 19:42:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ක්‍රීඩා 07කට අදාළව රුපියල් ලක්ෂයක මාසික දීමනාවකට කොන්ත්‍රාත් ගත වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60 දෙනෙකුට තවත් රුපියල් 25000ක මාසික පෝෂණ දීමනාවක් ලබාදීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය සමඟ ෆොන්ටෙරා බ්‍රෑන්ඩ් ලංකා සමාගම අද (24) දින අත්වැල් බැඳගත්තේය.
තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී ඊට අදාළ චෙක්පත් ප්‍රදානය සිදුවිය.
එහිදී ෆොන්ටේරා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා විද්‍යා සිවරාජා මහත්මිය තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාපක්ෂ මහතාට සංකේතාත්මකව ඊට අදාළ අනුග්‍රහය සහිත චෙක්පත ප්‍රදානය කළාය.
එක් එක් ක්‍රීඩා සංගම් හරහා තෝරාගැනීමේ තරග පවත්වා මළල ක්‍රීඩා, බර ඉසිලීම, බොක්සිං, ජූඩෝ, බැඩ්මින්ටන්, පිහිනුම්, පැරා ක්‍රීඩාවලට අදාළව උසස් දක්ෂතා සංචිතය නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන 60 දෙනෙකි.
ඔවුන් මාසිකව රුපියල් ලක්ෂයක දීමනාවකට ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ කොන්ත්‍රාත්ගත වීම සිදුවූයේ පසුගිය 15 වැනිදාය.
අනතුරුව ඔවුන් සඳහා පෝෂණ අතිරේකයන් වෙනුවෙන් තවත් දීමනාවක් ලබාදීම පිළිබඳව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වී තිබිණි.
Reply To:
Name - Reply Comment
0 Comments