ඔස්ට්‍රේලියාව ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගයට
- 2025-01-05 11:07:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති පස්වන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියානු කණ්ඩාය ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් මහා තරගයට සුදුසුකම්කම් ලබා ගැනීමට අද(05දා) සමත් විය.
මෙම තරගය ජයග්‍රහණයත් සමත තරග 3-1ක් ලෙස තරගාවලියද ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කළේය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පළමු ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 185ක් රැස් කළ අතර ඊට පිළිතුරු ඉනිම ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 181ක් රැස් කළේය.
අනතුරු දෙවන ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 157ක් රැස් කළ අතර, ජයග්‍රාහී ලකුණු 158ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 162ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළේය.
ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙම තරගය ජයග්‍රහණය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් මහා තරගයට පිවිසීමට තිබූ අවස්ථාවද අහිමි විය.
Reply To:
Name - Reply Comment
0 Comments