ක්‍රීඩා කුසලතා සඳහා ප්‍රමුඛත්වය දෙමින් ක්‍රිඩා පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමට ප්‍රමුඛතාව
- 2020-08-20 16:25:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ක්‍රීඩා කුසලතාවන්ට ප්‍රමුඛතාව දෙමින් ක්‍රීඩා පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමට පියවර ගන්නා බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
වයස අවුරුදු 06 සිට අවුරුදු 19ක් වනතුරු ක්‍රීඩකයෙක් තනන්නට දායක වන්නේ පාසල බවත් සිසුන්ගේ ක්‍රීඩා හැකියාවන් හඳුනාගනිමින් ඒවා සංවර්ධනය කිරීමේ වගකීම පාසලට පැවරෙන බවත් විශේෂයෙන් මෙරට ක්‍රීඩා පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීමේ දී ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නොව පිට්ටනියේ දී සිසුදරුවන් දක්වන දක්ෂතාව කෙරෙහි ප්‍රමුඛතාව ලබාදිය යුතු බවත් මෙහිදී ක්‍රීඩා අමාත්‍යවරයා අවධාරණය කළේය.
ඉදිරියේ දී අධ්‍යාපන අමාත්‍යාංශයත් ක්‍රීඩා අමාත්‍යාංශයත් එක්ව මනා සම්බන්ධීකරණයකින් කටයුතු කිරීමට තමා අපේක්ෂා කරන බවද මෙහිදී අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.
ඉන්දීය විවෘත කරාතේ සහ ජික්කොන්දෝ තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් හයක් ගෙන ඒමට පරගොඩ ශ්‍රී ගුණරතන කණිෂ්ඨ විද්‍යාලයේ සිසුදරුවන් සිවුදෙනෙකු සමත්ව ඇති අතර එම සිසුදරුවන්ට ක්‍රීඩා කුසලතා දියුණු කරගැනීම සඳහා අවස්ථාව ලබාදීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සහ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී විශේෂ හමුවකදි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments