චමරි අතපත්තු ලෝකයෙන්ම පළමු තැනට

2024 සැප්තැම්බර් මස 15 ප.ව. 10:38 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණ තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරිම් අනුව ඇය තම ක්‍රිකට් දිවියෙ ඉහළම ප්‍රසාද ලකුණු ප්‍රමාණ්‍ය වන ලකුණු 773ක් ලබා ගනිමින් මෙසේ පළමු ස්ථානයට පැමිණ තිබේ.

දකුණු අප්‍රිකාව හා පැවැති තෙවැනි එක්දින තරගයේදී ඇය ලකුණු 195ක් රැස්කරමින් දැක්වූ දක්ෂතාවත් සමගින් ඇය මෙසේ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබේ.

චමරි මේ වන විට එක්දින ජාත්‍යන්තර තරග 101 කදී ශතක 9 ක් සහ අර්ධ ශතක 16 ක් සමගින් ලකුණු 3,513 ක් රැස්කිරීමට සමත්ව සිටින්නීය.ෙ

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...