ජාත්‍යන්තර කායවර්ධන ශූරතාවක් ලංකාවට
- 2023-03-02 15:55:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සිංගප්පූරුවේ වාර්ෂිකව පවත්වනු ලබන ජාත්‍යන්තර කායවර්ධන ලෝක ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකා හෂිනි හේවගේ ඇය තරග කළ ඉසව්වේ රන් පදක්කම සහ සමස්ථ ශූරතාවය දිනා ගනිමින් අද (02) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියාය.
මොරටුව ප්‍රදේශයේ පදිංචි හෂිනි හේවගේ ඩුබායි හි ගණකාධිකාරීවරියක් ලෙස සේවය කරමින් සිටින්නීය. ඇය මෙම කායවර්ධන ලෝක ශූරතා තරගාවලියේ උස සෙන්ටිමීටර 163 පංතියේ " ස්පෝට්ස් මොඩල් " අංශයෙන් තරග කර තිබේ.
එහිදි එම පංතියේ රන් පදක්කම මෙන්ම සමස්ථ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය ද දිනා ගැනීමට සමත් වී තිබුණි .
ඇය මෙම ජයග්‍රහණ රැගෙන 03/02 දින අලුයම 04.55 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් පැමිණ තිබුණි.
ඇය පිළිගැනීම සදහා ඇයගේ පියා, මව සහෝදර සහෝදරියන් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.
Reply To:
Name - Reply Comment
0 Comments