ජාතික යොවුන් ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයෙක් රිය අනතුරකින් මරුට
- 2023-04-09 16:05:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මාතලේ පලාපත්වල තොටගමුව වෙල්යාය අසළදි (08)දා අලුයම ජිප් රථයක් රියදුරුට පාලනය කර ගැනිමට නොහැකිවි මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටි සිදුවු අනතුරින් තරුණයෙකු මරණයට පත්ව එහි ගමන් ගත් තරුණයින් 08 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය කියයි.
මෙම අනතුරින් අවසනාවන්ත ලෙස මිය ගොස් ඇත්තේ මාතලේ ,පලාපත්වල තොටගමුව වත්ත පදිංචි දුෂ්මන්ත සිතුල් විජේසේකර 19 හැවිරිදි තරුණයෙකි.
මෙම තරුණයා ශ්‍රි ලංකා ජාතික යොවුන් සංචිතයේ ක්‍රිඩකයකු සහ මාතලේ සාන්ත තෝමස් විදුහලේ ක්‍රිකිට් කණ්ඩායමේ දක්ෂ ක්‍රකිට් ක්‍රිඩයකුද වේ. ඔහු විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයකු ලෙසද කටයුතු කර ඇති අතර ක්‍රිකට් කණ්ඩායමේ 2021/2022 නායකත්වයද දරා තිබේ.
මෙම තරුණ පිරිස 2022 වර්ෂයේ උසස් පෙළ විභාගයට පෙනි සිටි ඇති අතර ඔවුන් විසින් සංවිධානය කර තිබු සුහද හමුවක් ආවසනයේ මාතලේ බලා ආපසු එමින් සිටියදි මෙම අනතුර සිදුව ඇති බව මුලික පරික්ෂනවලදි අනාවරණය වි තිබේ.
අනතුරින් තුවාල ලැබු අනෙක් තරුණයන් කිහිපදෙනෙකුගේ තත්වය බරපතල බවත් ඔවුන් මාතලේ මහ රෝහලේ සහ මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබනද බවද පොලිසිය කියයි.
මියගිය තරුණයාගේ දේහය මාතලේ තොටගමුව වත්ත ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු( 10) අද දින සිදු කිරිමට නියමිතය.
අනතුර සම්බන්ධයෙන් මාතලේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක උපුල් ගුණවර්ධන මහතාගේ මෙහෙයවිමෙන් මුලස්ථාන පොලිසියේ රථවාහන අංශය මගින් වැඩිදුර පරික්ෂන පවත්වයි.
මහේෂ් කීර්තිරත්න
Reply To:
Name - Reply Comment
0 Comments