ජේම්ස් ඇන්ඩර්සන් ක්‍රිකට් වාර්තා පොතට
- 2020-08-26 12:28:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් ලෝකයේ ටෙස්ට් කඩුලු 600ක් දවාගත් පළමු වේග පන්දු යවන්නා ලෙස වාර්තා අතරට එක්විය.
ඒ පාකිස්තානය සමගින් පැවැත්වෙන ටෙස්ට් තරගයේ පාකිස්තාන නායක අසාර් අලී දවා ගැනීමත් සමගිනි.
ඇන්ඩර්සන් ටෙස්ට් තරග 156කට ක්‍රීඩා කරමින් ඔහු මෙම දක්ෂතාව දක්වා ඇති අතර ඒ කාලයේදී අවස්ථා 29කදී කඩුලු 5 බැගින් දවාගෙන තිබේ.
ටෙස්ට් ක්‍රිකට් පිටියෙ වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් ක්‍රීඩකයන් අතර සිවුවැනි ස්ථානයේ ඇන්ඩර්සන් පසුවෙයි.
මෙහි ප්‍රථමස්ථානයේ ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් රැඳී සිටින්නේ කඩුලු 800ක් සමගිනි. ෂේන් වෝන් කඩුලු 708ක් හා අනිල් කුම්බ්ලේ කඩුලු 619ක් දවාගනිමින් මෙම සටහනේ දෙවැනි හා තෙවැනි ස්ථානයේ පසුවෙයි.
2003 දී සිම්බාබ්වේට එරෙහිව තම මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කළ ඇන්ඩර්සන් එහිදී කඩුලු 5 ක් දවා ගැනීමටත් සමත්විය.
Reply To:
Name - Reply Comment
0 Comments