ත්‍රිත්ව විදුහල වසර 38කට පසු ලීග් රග්බි කිරුළ දිනයි
- 2025-08-04 13:20:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වසර 38කට පසුව අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මහනුවර ත්‍රිත්ව විදුහල් ක්‍රීඩකයෝ සමත් වූහ. ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධාන කරන තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදී මේ දක්වා අපරාජිතයන් ලෙස පෙරට පැමිණෙමින් ත්‍රිත්ව විදුහල් පිල ශූරතාව අත්කර ගැනීම කැපී පෙනෙයි. මෙය ඔවුන් දිනාගත් දෙවැනි ලීග් ශූරතාව වන අතර, පළමු වරට 1987 වසරේ ටිරෙල් රාජපක්ෂගේ නායකත්වය යටතේ ත්‍රිත්ව විදුහල පාසල් ලීග් රග්බි ශූරතාව දිනාගෙන තිබිණි.
කුසලාන වටය යටතේ පෙරේදා මහනුවර ත්‍රිත්ව විදුහල් පිටියේ පැවති කොළඹ වෙස්ලි විදුහලට එරෙහි තීරණාත්මක තරගය තියුණු සටනකින් අනතුරුව 23-21ක් ලෙස ජය ගැනීමත් සමඟ ත්‍රිත්වයට ශූරතාව තහවුරු විය.
තරගය ආරම්භයේදී ලකුණු සටහනේ දෙවැනි තැන සිටින වෙස්ලි පිල ලකුණු 7-5ක් ලෙස පළමු භාගයේදී පෙරමුණ ගැනීමට සමත් වුවත් දෙවැනි අර්ධයේදී සුපුරුදු ක්‍රීඩාවට පිවිසි ත්‍රිත්ව ක්‍රීඩකයෝ ලකුණු 18ක් රැස් කර ගනිද්දී වෙස්ලි පිලට හැකි වූයේ ලකුණු 14ක් පමණි. ලකුණු 23-21ක් ලෙස නිමා වූයේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම ත්‍රිත්වය ශූරයන් කරමිනි.
තරගය පුරා ත්‍රිත්ව විදුහල ගෝලයක්, උත්සාහක දිනුම් දෙකක්, දඬුවම් පහරක් සහ ඩ්‍රොප් ගෝලයක් වාර්තා කළ අතර, වෙස්ලි පිල රැස් කළේ ගෝල තුනක් පමණි.
කිංස්වුඩ් විදුහල
වෙස්ලි විදුහල
Reply To:
Name - Reply Comment
0 Comments