පාපන්දු ලෝක කුසලානයකදී වැඩිම ගෝල හිමිකරු දිවි ගමනට සමුදෙයි
- 2023-03-02 15:54:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එක් පාපන්දු ලෝක කුසලානයක වැඩිම ගෝල සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කියන ප්‍රංශයේ ජස්ට් ෆොන්ටේන් සිය දිවි ගමනට සමුදී ඇත. ඒ සිය දිවි ගමනේ 89වැනි කඩඉමේදීය.
1933 වර්ෂයේදී ප්‍රංශ පියෙකුට හා ස්පාඤ්ඤ මවකට දාව මොරොක්කෝවේදී උපත ලැබූ ෆොන්ටේන් 1933 වර්ෂයේදී ප්‍රංශයේ නීස් කණ්ඩායමට එක්විය.
අනතුරුව 1953 සිට 1968 වර්ෂය දක්වා ප්‍රංශයට ක්‍රීඩා කළ ෆොන්ටේන් තරග 21කදී ගෝල 30ක් වාර්තා කිරීමට සමත්වී ඇත. 1958 වර්ෂයේදී ස්වීඩනයේදී පැවැති පාපන්දු ලෝක කුසලානයේදී විශිෂ්ට දක්ෂතා දැක්වූ ෆොන්ටේන් එහිදී ගෝල 13ක් රැස් කළේ එක් ලෝක කුසලානයකදී ක්‍රීඩකයෙකු වාර්තා කළ ඉහළම ගෝල සංඛ්‍යාවේ වාර්තාව පිහිටුවමිනි. එය වසර 65කට පසුවද මේ දක්වා නොනැසී පැවතීම විශේෂත්වයකි.
සිය ක්‍රීඩා දිවියෙන් අනතුරුව මොරොක්කෝ ජාතික කණ්ඩායමේ පාපන්දු පුහුණුකරු ලෙසින්ද ෆොන්ටේන් කටයුතු කළේය.
ෆොන්ටේන් ක්‍රීඩා කරන අවධියේදී (වමේ)
Reply To:
Name - Reply Comment
0 Comments