පැතුම්ගෙන් වාර්තාවක්
- 2021-03-25 06:21:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සිය මංගල ටෙස්ට් තරගයේදීම ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ශතකයක් වාර්තා කළ සිව්වැනි ක්‍රීඩකයා ලෙසත් විදේශයකදී එම දක්ෂතාව දැක්වූ පළමු ශ්‍රී ලංකා පිතිකරුවා ලෙසත් පැතුම් නිශ්ශංක වාර්තා අතරට එක්විය.
ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදීය. පැතුම් නිශ්ශංක එවැනි දක්ෂතාවක් දැක්වූයේ 2001 වසරේදී තිලාන් සමරවීර එම දක්ෂතාවෙන් දැක්වීමෙන් අනතුරුවය.
එසේම නිරෝෂන දික්වැල්ලද සිය ටෙස්ට් දිවියේ වැඩිම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 96ක් රැස්කරමින් පැතුම් නිශ්ශංක හා එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 179ක සබඳතාවක් පැවැත්වීමට සමත්වීය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන්ම දැවූ ලකුණු 476ක් රැස්කරමින් කොදෙව් කණ්ඩායමට ලකුණු 375ක ජයග්‍රාහී ඉලක්කයක් ලබාදුන්නේය.
සිවුවැනි දිනයට තරගය නිමා කරන විට කොදෙව් කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 34ක් රැස්කරගෙන සිටියේය.
Reply To:
Name - Reply Comment
0 Comments