බටහිර ආසියානු යොවුන් චෙස් තරගාවලියේදී ලංකාවට ලෝකඩ පදක්කමක්

2025 මැයි මස 01 ප.ව. 01:03 - {{hitsCtrl.values.hits}}  

රටවල් දහයක සහභාගීත්වයෙන් පැවති බටහිර ආසියානු යොවුන් වේගී (රැපීඩ්) චෙස් තරගාවලියේදී ලෝකඩ පදක්කමක් ලංකාවට දිනාදිමට කොළඹ විශාකා විදයාලයේ ඒෂා පල්ලේ මිෂෙලා සමත්වුවාය.

ආසියානු චෙස් සම්මේලනයේ පුර්ණ අනුග්‍රාහයෙන් ටජිකිස්ථානයේද‍ි තරගාවලියේ වයස 18න් පහළ බාලිකා වේගී තරග ඉසව්වේ ලෝකඩ පදකම ඒෂා පල්ලේ මිෂෙලා දිනා ගත්තාය.

ඒෂා පල්ලේ මිෂෙලා දිනාගත් මේ ලෝකඩ පදක්කම  එම තරගාවලියේදී මෙරටට හිමිවූ එකම පදක්කමද විශේෂත්වයකි. තරගාවලියට  ශ්‍රී ලංකාව නියෝජනය කරමින් චෙස් ක්‍රිඩක,ක්‍රීඩිකාවන් හතර දෙනෙකු සහභාගීවූහ.

ඔවුහු තරගාවලියේ වේගී,අධි වේගී සහ සම්මත යන අංශ තරග තිත්වයටම සහභාගීවූහ. ඒ අතරින් ශ්‍රී ලංකාවට පදක්කමක් හිමිවූවේ වේගී තරග ඉසාව්වෙනි.  තරග ඉසව්ව සදහා බටහිර ආසියානු රටවලට අයත් වයස 18න් පහළ ක්‍රිඩිකාවන් දහනව දෙනෙකු අතරින් ඒෂා පල්ලේ මිෂෙලා දිනා ගැනීමත් සමගමය.

තරග ලැයිස්තුවේ ඒෂා පල්ලේ ජාත්‍යන්තර ශ්‍රේණිගත ලකුණු අනුව ස්ථානගතව සිටියේ දහවැනි ස්ථානයේය.

සුසිල් ප්‍රියන්ත


 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...