මහේලගේ වසර 8 ක් පැරණි වාර්තාවක් කෝලි බිඳ හෙලයි
- 2022-11-03 16:10:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගවලදී වැඩිම ලකුනු ලාභියාගේ වාර්තාව තමන් සතු කර ගැනීමට ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි සමත්විය. ඒ විස්සයි විස්ස ලෝක කුසලානයේ බංග්ලාදේශය සමගින් දැන් පැවැත්වෙන තරගයේදීය.
කෝලි මෙම තරගයේදී නොදැවී රැස් කළ ලකුනු 64 ත් සමගින් ඔහු ලෝක කුසලාන වලදී රැස්කළ සමස්ථ ලකුනු සංඛ්‍යාව 1065 ක් දක්වා ඉහළ ගියේය.
කෝලි මේ සඳහා ඉනිම් 23ක් වැය කොට ඇත. ඔහු විසින් එහිදී බිඳ හෙලුවේ ශ්‍රී ලංකා සුපිරි පිතිකරු මහේල ජයවර්ධන විසින් 2014 වර්ෂයේදී තබා තිබූ වාර්තාවයි. මහේල මේ සඳහා ඉනිම් 31 ක් වැය කොට ඇත.
කෝලි මේ වනවිට විස්සයි විස්ස ලොව වැඩිම ලකුනු ලාභීයාද වන තර ඔහු ඉනිම් 104කදී රැස් කර ඇති ලකුනු සංඛ්‍යාව 3932 කි.
Reply To:
Name - Reply Comment
0 Comments