ස්කොට්ලන්ත PFA සම්මාන උළේලේදී ලාංකික සමභවයක් ඇති ජසින්ටාට සම්මානයක්
- 2022-05-02 15:48:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා සම්භවයක් ඇති පාපන්දු ක්‍රීඩිකා ජසින්ටා ගලබඩආරච්චි ස්කොට්ලන්ත PFA පාපන්දු සම්මාන උළෙලේදී වසරේ තරුණ ක්‍රීඩිකාවට හිමි සම්මානයෙන් පිදුම් ලබා තිබේ. ජසිින්ටා ලාංකික සම්භයක් ඇති ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රීඩිකාවකි.
එසේම එංගලන්ත කාන්තා පාපන්දු තරගාවලිය සඳහා ලාංකික සම්භවයක් සහිතව ක්‍රීඩා කරන පළමු ක්‍රීඩිකාවද ඇය වෙයි.
ජසින්ටා සෙල්ටික් කණ්ඩායම නියොජනය කරමින් ස්කොට්ලන්ත කාන්තා ප්‍රිමියර් ගීල තරගාවලියට ඇය ක්‍රීඩා කරයි.
එසේම ඔස්ට්‍රේලියානු අවුරුදු 20න් පහළ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන ඇය 2017 වසරේ පෙබරවාරී මාසයේදී ඔස්ට්‍රේලියාවේ ජ්‍යෙෂ්ඨ කණ්ඩායම සමග පුහුණු සැසිවලට කැඳවා තිබේ.
ජසින්ටාගේ පියා ශ්‍රී ලංකා ජාතිකයෙක් වෙයි. එසේම ජසින්ටාට ඉතාලි පුරවැසිභාවයද හිමිය.
ජසින්ටා මෙල්බර්න් සිටි, පර්ත් ග්ලොරි, වෙස්ට් හැම් යුනයිටඩ්, නාපෝලි කණ්ඩායම්වලට ක්‍රීඩා කර ඇති අතර වර්තමානයේදී සෙල්ටික් කන්ඩායමට ක්‍රීඩා කරයි.

Reply To:
Name - Reply Comment
0 Comments