Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

 පසුගියදා කොරියන් රජයේ ආරාධනයකට අනුව තෙදින නිල සංචාරයක නියැලුණු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හා ලෝක තයිකොන්ඩෝ සම්මේලයේ සභාපති මහාචාර්ය චෞවු චුංවොන් මහතා අතර විශේෂ හමුවක් සිදුවුණි. මෙරට තයිකොන්ඩෝ ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමට අවශ්‍ය තාක්ෂණික හා පුහුණු සහාය ලබා දීමට එහිදී සාකච්ඡා විය. ඒ අනුව කොරියානු ජාතික තයිකොන්ඩෝ පුහුණුකරුවන්, නිල ඇඳුම්, ක්‍රීඩා උපකරණ ඇතුළු අනෙකුත් පහසුකම් ලබා දීමට මෙන්ම ශ්‍රී ලාංකීය ක්‍රීඩකයින් කොරියාවට ගෙන්වා පුහුණුව ලබා දීමටත් එකගතාව පල විය. තවද ඉදිරිකාලයේදී ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල ක්‍රීඩා විද්‍යා උපාධි විෂය නිර්දේශයට තයිකොන්ඩෝ ක්‍රීඩාව ඇතුලත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසෙකර මහතා වෙතින් ඉල්ලීමක් ද කර සිටියේය.

 Dayasiri

මීට අමතරව කුකිවොන් (kukkiwon)තයිකොන්ඩෝ මූලස්ථානයේදී එහි සභාපති ඕ හයන් ඩියුක් (Oh Hyun-deuk) මහතාද හමුවූ අතර දැනටමත් එම මූලස්ථානය මගින් පුහුණුකරුවන් ලංකාවට ලබා දී තිබීම පිළිබ ඳව කෘතඥතාවය පළකළ අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා 2018 වර්ෂයේදී ඉන්දුනීසියාවේ පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී කරවීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම එරට පුහුණුව ලබා දෙන ලෙස ඉල්ලීමක් ද සිදු කරන ලදි.

ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතාට කුකිවොන් (kukkiwon)  තයිකොන්ඩෝ මූලස්ථානය විසින් 7 වන ශ්‍රේණියේ තයිකොන්ඩෝ ගෞරව කළු පටියක් ප්‍රදානය කිරීම සිදුවිය. එම මූලස්ථානය විසින් කිසියම් රාජ්‍යයක ක්‍රීඩා අමාත්‍යවරයකුට ප්‍රදානය කරනු ලබන ගෞරව කළු පටිහි උපරිම ශ්‍රේණිය 6 වන අතර දයාසිරි ජයසෙකර මහතා වූෂු ක්‍රීඩාව ඇතුළු තවත් ආත්මාරක්ෂක සටන්ක්‍රම  හදාරමින් පෙන්වා ඇති දක්ෂතා හේතුවෙන් පැවති එන සම්ප්‍රදාය ඉක්මවා 7 වන ශ්‍රේණියේ කළු පටියක් ප්‍රදානය කිරීමට කටයුතු යොදා තිබීම විශේෂත්වයක් විය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා තයිකොන්ඩෝ සංගමයේ සභාපති කංචන ජයරත්න මහතාද සහභාගී විය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.