Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මහවැලි ගොවි දූ පුතුන්ගේ ක්‍රීඩා දක්ෂතා උරගා බැලෙන වාර්ෂික මහවැලි ක්‍රීඩා උළෙල 29 වන වරටත් පසුගිය දෙදින පුරා පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු අතර, එහි සමාප්ති උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පස්වරුවේ පැවැත්විණි.

දිවයිනේ මහවැලි කලාප 10 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4500 ක් පමණ මෙම ක්‍රීඩා උළෙලට එක්ව සිටි අතර දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජය සංකේත ප්‍රදානය කිරීම ජනපති අතින් සිදු විය. 2017 මහවැලි ක්‍රීඩා උළෙලේ ජවන සහ පිටිය දක්ෂතම ක්‍රීඩකයා ලෙස හුරුථවැව කලාපයේ යූ.ආර්.ඩී. රාජපක්ෂ ජනාධිපතිතුමා අතින් ජය සංකේත ලබා ගත්තේය. එමෙන්ම මීටර් 400 දිවීමේ තරගය තත්ත්පර 56 කින් නිමාකර නව තරග වාර්තාවක් පිහිටුවමින් 2017 මහවැලි ක්‍රීඩා උළෙලේ ජවන සහ පිටිය දක්ෂතම ක්‍රීඩිකාව ලෙස වලව කලාපයේ නදීෂා රාමනායක ජනාධිපති අතින් ජය සංකේත ලබා ගත්තාය.

තරගාවලියේ සමස්ත ශරතාව ලකුණු 82 ක් ලබා ගනිමින් මහවැලි බී කලාපය විසින් දිනාගත් අතර අනුශරතාව ලකුණු 63 ක් ලබා ගනිමින් මහවැලි එච් කලාපය විසින් හිමිකරගනු ලැබීය. තෙවන ස්ථානය ලබා ගන්නා ලද්දේ වික්ටෝරියා කලාපයයි. මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න යන මහත්වරුන් ඇතුළු පළාතේ මැති ඇමතිවරු සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ගෝඨාභය ජයරත්න, මහවැලි කේන්ද්‍රයේ අධ්‍යක්ෂ අනුර ලේකම්ගේ යන මහත්වරුන් ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Mahaweli sport (17) Mahaweli sport (16) Mahaweli sport (15) Mahaweli sport (14) Mahaweli sport (13) Mahaweli sport (8) Mahaweli sport (9) Mahaweli sport (10) Mahaweli sport (11) Mahaweli sport (12) Mahaweli sport (7) Mahaweli sport (6) Mahaweli sport (5)Mahaweli sport (3)Mahaweli sport (1) Mahaweli sport (2)

GGGGGGGGGGGGGGGGGGG

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.