13 වැනි දකුණු ආසියානු (සාග්) ක්‍රීඩා උළෙල - 2019 අඛණ්ඩව 13 වැනි වරටත් ඉන්දියාව සාග් කෙළිබිම ජයගනියි
- 2019-12-12 03:23:57
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නේපාලයේ පැවැති 13 වැනි දකුණු ආසියානු (සාග්) ක්‍රීඩා උලෙළ මෙවරද නිමා වූයේ සුපුරැදු පරිදි ඉන්දියාව පදක්කම් සටහනේ පෙරමුණ හිමිකර ගනිමිනි. රන් පදක්කම් 174ක් සමග ක්‍රීඩා උලෙළ අවසානයේදී පදක්කම් 312ක් දිනාගත්තේය. 1984 වසරේදී ආරම්භ වූ පළමු සාග් ක්‍රීඩා උලෙළේ සිට එදා මෙදා තුර පදක්කම් සටහනේ පෙරමුණගත් එකම රට වන්නේද ඉන්දියාවයි.
කෙසේ නමුත් මෙවර ක්‍රීඩා උලෙළේදී වසර 28කට පසු ශ්‍රී ලංකාව මලල ක්‍රීඩා ඉසව්වල ආධිපත්‍යය දැරීය. මෙරට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඉන්දියාවට පවා අභියෝග කරමින් රන් 15ක්, රිදී 12ක් හා ලෝකඩ 08ක් සමගින් සමස්ත පදක්කම් 35ක් දිනාගැනීමට සමත් වූහ. ඉන්දියාව මලල ක්‍රීඩාවෙන් මෙවර දිනාගත්තේ රන් 12ක්, රිදී 22ක් හා ලෝකඩ 14ක් පමණි. සාග් ක්‍රීඩා උලෙළක ශ්‍රී ලංකාව අවසන්වරට මලල ක්‍රීඩා ඉසව් වලින් පෙරමුණ ගත්තේ 1991 වසරේ ශ්‍රී ලංකාවේ පැවති 05 වැනි සාග් ක්‍රීඩා උලෙළේය. එවරද රන් පදක්කම් 15ක් දිනාගැනීමට හැකිවිය.
කත්මණ්ඩුහි දසරාත් රංගසාලා ක්‍රීඩාංගණය ප්‍රමුඛව පොකාරා හා ජනක්පූර් නරග කේන්ද්‍රකරගනිමින් පුරා දින 10ක් (දෙසැ. 01 - 10) ක්‍රීඩා 26ක් යටතේ පැවති මෙවර ක්‍රීඩා උලෙළ අවසානයේදී ශ්‍රී ලංකාව සමස්ත පදක්කම් 251ක් දිනාගැනීමට සමත් වූ අතර, ජයග්‍රහණය කළ එම පදක්කම් සංඛ්‍යාව සැලකෙන්නේ සාග් ක්‍රීඩා උලෙළ ඉතිහාසයේ පදක්කම් 200 සීමාව පසුකළ ප්‍රථම අවස්ථාව ලෙසිනි. ශ්‍රී ලංකාව මීට පෙර ජයග්‍රහණය කර තිබූ වැඩිම පදක්කම් සංඛ්‍යාව ලෙස වාර්තා වූයේ 2016 වසරේ ඉන්දියාවේ පැවති සාග් උලෙළේ දිනාගත් පදක්කම් 186යි.
එමෙන්ම මෙවර සත්කාරක නේපාලයද දිනූ සමස්ත පදක්කම් සංඛ්‍යාව දෙසීයයේ (206) සීමාව ඉක්ම විය. ඒ අනුව සාග් ඉතිහාසයේ මෙම සීමාව පසුකර ඇත්තේ ඉන්දියාව, ශ්‍රී ලංකාව හා නේපාලය පමණි.
මේ අතර මෙවර සමාප්ති උත්සවයේදී 2021 ක්‍රීඩා උලෙළේ නිල සත්කාරකත්වය පාකිස්තානයට පිරිනැමුණි.
|
|
| හිරැණි විජේරත්න - (සාග් ක්‍රීඩා උලෙළක කාන්තා මැරතන් පළමු රන් පදක්කම දිනූ ක්‍රීඩිකාව) |
දිල්ෂි කුමාරසිංහ
(මී. 400, මී. 800 හා මී. 4x400 ඉසව්වල ත්‍රිත්ව රන් පදක්කම්)
|
|
|
දිල්ෂි කුමාරසිංහ (මී. 400, මී. 800 හා මී. 4x400 ඉසව්වල ත්‍රිත්ව රන් පදක්කම්) |
ඉඳුනිල් හේරත්
(අසනීප තත්ත්වයේ සිටියදී මී. 800 රන් පදක්කම ජයග්‍රහණය කර, නැවත රෝහල්ගත විය)
|
|
ඉඳුනිල් හේරත් (අසනීප තත්ත්වයේ සිටියදී මී. 800 රන් පදක්කම ජයග්‍රහණය කර, නැවත රෝහල්ගත විය) |
|
|
ඉඳුනිල් හේරත් (අසනීප තත්ත්වයේ සිටියදී මී. 800 රන් පදක්කම ජයග්‍රහණය කර, නැවත රෝහල්ගත විය) |
මැතිව් අබේසිංහ
(පිහිනුම් ක්‍රීඩාවේ රන් පදක්කම් 07ක් හා රිදී පදක්කමක් දිනමින් තමාගේම සාග් වාර්තාව සමකළේය)
|
|
මැතිව් අබේසිංහ (පිහිනුම් ක්‍රීඩාවේ රන් පදක්කම් 07ක් හා රිදී පදක්කමක් දිනමින් තමාගේම සාග් වාර්තාව සමකළේය) |
දකුණු ආසියාවේ වේගවත්ම (4x400) සහාය දිවීමේ කණ්ඩායම
(නව සාග් වාර්තාවක් පිහිටුවීමට හිමාෂ එෂාන්, චානුක සංදීප, විනෝජ් සුරංජය, යුපුන් ප්‍රියදර්ශන සමත් වූහ. ඉන්දියාව2004 වසරේදී පිහිටුවා තිබූ වාර්තාව ඔවුහු බිඳදැමූහ.)
|
|
දකුණු ආසියාවේ වේගවත්ම (4x400) සහාය දිවීමේ කණ්ඩායම (නව සාග් වාර්තාවක් පිහිටුවීමට හිමාෂ එෂාන්, චානුක සංදීප, විනෝජ් සුරංජය, යුපුන් ප්‍රියදර්ශන සමත් වූහ. ඉන්දියාව2004 වසරේදී පිහිටුවා තිබූ වාර්තාව ඔවුහු බිඳදැමූහ.) |
නිලානි රත්නායක
(ශ්‍රී ලංකාවේදී අනතුරකට ලක්වූ නිමාලි ලියනාරච්චි වෙනුවෙන් මී. 1500 ඉසව්වට තරගවැද එම ඉසව්වටත් හා ඇගේ මී. 5000 ඉසව්වටත් රන් පදක්කම් දිනාගත්තාය)
|
|
නිලානි රත්නායක (ශ්‍රී ලංකාවේදී අනතුරකට ලක්වූ නිමාලි ලියනාරච්චි වෙනුවෙන් මී. 1500 ඉසව්වට තරගවැද එම ඉසව්වටත් හා ඇගේ මී. 5000 ඉසව්වටත් රන් පදක්කම් දිනාගත්තාය) |
|
|
|
නිලානි රත්නායක (ශ්‍රී ලංකාවේදී අනතුරකට ලක්වූ නිමාලි ලියනාරච්චි වෙනුවෙන් මී. 1500 ඉසව්වට තරගවැද එම ඉසව්වටත් හා ඇගේ මී. 5000 ඉසව්වටත් රන් පදක්කම් දිනාගත්තාය) |
|
|
| යටවර |
ඡායාරෑප - සමීර පීරිස්
Reply To:
Name - Reply Comment
0 Comments