- 2017-10-13 12:51:44
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට් හිදී පැවැත්වීමට නියමිත 2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සමගාමීව ලොව පුරා පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවලට රැගෙන යන බ්‍රිතාන්‍ය මහා රැජිනගේ පණිවුඩය රැගත් විශේෂ යෂ්ටිය (12දා) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත භාරදෙනු ලැබීය. 1930 දී බ්‍රිතාන්‍යයේ පැවති පළමු පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල නායිකාව ලෙස එලිසබත් මහ රැජිණ නිකුත්කළ පණිවිඩය රැගත් මෙම යෂ්ටිය ක්‍රීඩා උළෙල පැවැත්වෙන සමයේ පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල ප‍්‍රදර්ශනය කිරීම සම්ප‍්‍රදායකි.
යෂ්ටිය රැගත් විශේෂ නියෝජිත පිරිස ඊයේ පස්වරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ශ්‍රී ලංකාවට ළගා වූහ. අනතුරුව කොළඹ කිංග්ස්බරි හෝටලය අභියස සිට අලංකාරවත් පෙරහැරකින් යෂ්ටිය ජනාධිපති මන්දිරය වෙත රැගෙන ඒම සිදු විය. එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් එය උණුසුම් ලෙස පිළිගනු ලැබීය. ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද, සුසන්තිකා ජයසිංහ, ශ්‍රියානි කුලවංශ. දමයන්ති දර්ශා, ඩිලන්ත මාලගමුව යන මහත්ම මහත්මීන් ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Reply To:
Name - Reply Comment
0 Comments