15 න් පහළ ක්‍රිකට් කණ්ඩායම අඛණ්ඩව 11 වැනි ශූරතා ජයත් ලබයි
- 2018-05-10 14:56:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මැලේසියාවේ පැවැති අන්තර්ජාතික වයස අවුරුදු 15න් පහළ සිවුකොන් ක්‍රිකට් තරගාවලිය අඛණ්ඩව 11 වැනි වරටත් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී ඇත.
පසුගිය අප්‍රේල් මස 23 සිට 28 දින දක්වා මෙම තරගාවලිය පවත්වා ඇත. 2004 වර්ෂයේ දී ආරම්භ කළ වයස අවුරුදු 15න් පහළ මැලේසියානු අන්තර්ජාතික ක්‍රිකට් තරගාවලිය 2008 වසරේ සිට අඛණ්ඩව ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 15න් පහළ පාසල් ක්‍රිකට් කණ්ඩායමට හැකි වී තිබේ.
මැලේසියාවේ BAYUEMAS OVAL හිදී පැවැති මෙම තරගාවලියට ශ්‍රී ලංකාව සමග දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය සහ මැලේසියාව යන රටවල් සහභාගි විය.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (10දා) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේදී මෙවර තරගාවලියට සහභාගි වූ ක්‍රීඩකයන්, පුහුණුකරුවන් සහ නිලධාරීන් හමු වූ අවස්ථාවේදී ජයග්‍රාහී කණ්ඩායමට තම සුබ පැතුම් පිරිනැමීය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments