20 විස්ස ජය ශ්‍රී ලංකාවට කැන්ගරුවෝ ආයෙත් පරාදයි
- 2017-02-19 17:47:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වික්ටෝරියා ප්‍රාන්තයේ දකුණු ගීලොන්හිදී අද (19 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදී ඕස්ට්‍රේලියාව පරදවා කඩුලු දෙකක අති විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙම ජයත් සමගින් තරග 3 කින් සමන්විත තරගාවලිය 2-0 ක් ලෙසින් ජයගැනීමට ශ්‍රී ලංකා පිලට හැකිවිය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඕවර 20 කදී ලකුණු 173 කට දැවී ගියේය. ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 176 ක් ලබාගත්තේය.
දෙවැනි විස්සයි 20 තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම සිය පන්දුවාර 20 තුළදී සියල්ලන්ම දැවී 173ක් රැස් කලේය. ඒ අනුව ශ්‍රි ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 174ක ඉලක්කයක් හිමිවිය. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවු නුවන් කුලසේකර කඩුලු හතරක්ද, ලසිත් මාලිංග හා විකුම් සංජය කඩුලු දෙක බැගින්ද දවා ගැනීමට සමත් විය. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් මොරිස් හෙන්රික්ස් අර්ධ ශතකයක් රැස්කිරීමට සමත් විය.
ඉකුත් සිකුරාදා පැවැති පළමු විස්සයි-20 තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම 1-0 ක් ලෙසින් තරගාවලියේ ඉදිරියෙන් සිටී.
ඡයාරූපය ©Getty Images
| ඕස්ට්‍රේලියානු පිල | |||
| මයිකල් ක්ලින්ගර් - ඇ. දික්වැල්ල සංජය බණ්ඩාර | 43 | ||
| ඒරන් ෆින්ච් - ඇ. සහ ප. සංජය බණ්ඩාර | 12 | ||
| බෙන් ඩන්ක් - ප. ගුණරත්න | 32 | ||
| මොයිසස් හෙන්රික්ස් - නොදැවී | 56 | ||
| ට්‍රැවිස් හෙඩ් - ඇ. දික්වැල්ල ප. කුලසේකර | 4 | ||
| ඇෂ්ටන් ටර්නර් - ඇ. සිරිවර්ධන ප. ප්‍රසන්න | 7 | ||
| ජේම්ස් ෆෝක්නර් - ක.මු.කළා ප. මාලිංග | 1 | ||
| ටිම් පේන් - ක.මු.කළා ප. මාලිංග | 7 | ||
| පැට් කමින්ස් - ප. කුලසේකර | 3 | ||
| ඇන්ඩෲ ටේ - ක.මු.කළා ප.කුලසේකර | 0 | ||
| ජේ රිචඩ්සන් - ප. කුලසේකර | 0 | ||
| අතිරේක (ව-3, පා-5) | 8 | ||
| එකතුව ඕවර 20 කදී සියලුදෙනා දැවී | 173 | ||
| කඩුලු වැටීම | |||
| 1-18 (ෆින්ච්), 2-63 (ඩන්ක්), 3-113 (ක්ලින්ගර්), 4-121 (හෙඩ්), 5-134 (ටර්නර්), 6-144 (ෆෝක්නර්), 7-162 (පේන්), 8-169 (කමින්ස්), 9-173 (ටේ), 10-173 (රිචඩ්සන්) | |||
| පන්දු යැවීම | |||
| ලසිත් මාලිංග | 4-0-31-2 | ||
| නුවන් කුලසේකර | 4-0-31-4 | ව-2 | |
| සංජය බණ්ඩාර | 4-0-32-2 | ව-1 | |
| දිල්ෂාන් මුණවීර | 1-0-22-0 | ||
| අසේල ගුණරත්න | 3-0-26-1 | ||
| සීකුගේ ප්‍රසන්න | 4-0-26-1 | ||
| ශ්‍රී ලංකා පිල | |||
| නිරෝෂන් දික්වැල්ල - ඇ. පේන් ප. ෆෝක්නර් | 14 | ||
| උපුල් තරංග - ඇ. රිචඩ්සන් ප. ටර්නර් | 4 | ||
| ඩිල්ෂාන් මුණවීර - ඇ. පේන් ප. ටේ | 10 | ||
| කුසල් මෙන්ඩිස් - ඇ. පේන් ප. රිචඩ්සන් | 5 | ||
| අසේල ගුණරත්න - නොදැවී | 84 | ||
| මිලින්ද සිරිවර්ධන- ඇ. ටර්නර් ප. ටේ | 0 | ||
| චාමර කපුගෙදර - ඇ. ඩන්ක් ප. කමින්ස් | 32 | ||
| සීකුගේ ප්‍රසන්න - ඇ. හෙඩ් ප. ෆෝක්නර් | 7 | ||
| නුවන් කුලසේකර - ඇ. ක්ලින්ගර් ප. ටේ | 12 | ||
| ලසිත් මාලිංග - නොදැවී | 1 | ||
| අතිරේක (ව-5, පා-2) | 7 | ||
| එකතුව ඕවර 20 කදී කඩුලු 8ක් දැවී | 176 | ||
| කඩුලු වැටීම | |||
| 1-5 (තරංග), 2-22 (දික්වැල්ල), 3-27 (මෙන්ඩිස්), 4-40 (මුණවීර), 5-40 (සිරිවර්ධන), 6-92 (කපුගෙදර), 7-119 (ප්‍රසන්න), 8-160 (කුලසේකර) | |||
| පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයා | |||
| සංජය බණ්ඩාර | |||
| පන්දු යැවීම | |||
| ඇෂ්ටන් ටර්නර් | 2-0-15-1 | ||
| පැට් කමින්ස් | 3-0-28-1 | ව-1 | |
| ජේම්ස් ෆෝක්නර් | 4-0-32-2 | ||
| ජේ රිචඩ්සන් | 3-0-24-1 | ||
| ඇන්ඩෲ ටේ | 4-0-37-3 | ව-1 | |
| මොයිසස් හෙන්රික්ස් | 4-0-38-0 | ව-2 | |
Reply To:
Name - Reply Comment
0 Comments