2021 ඔලිම්පික් තරගාවලිය 2020 දින වලටම පවත්වයි
- 2020-07-18 15:30:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පැරිස් (ෂින්හුවා) - මේ වසරේදී ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වීමට තිබුණ එහෙත් කොවිට් COVID-19 වසංගතය හේතුවෙන් ලබන වසර දක්වා කල් තැබුණ ඔලිම්පික් තරගාවලිය 2021 වසරේදී සැලසුම් කළ ක්‍රීඩාංගණවලදීම සැලසුම්කළ දිනවකවානුවල පවත්වන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව නිවේදනය කරයි.
ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ක්‍රීඩා 33 ක් යටතේ ඉසව් 339 ක් ඇතුළත් වන අතර සැලසුම් කර ඇති ස්ථාන 42 ම ලබන වසරේ ක්‍රීඩා උළෙල සඳහා සුරක්ෂිත වනු ඇතැයි සංවිධායක කමිටු සභාපති යොෂිරෝ මෝරි සිකුරාදා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු (අයිඕසී) සැසිවාරයට ඉදිරිපත් කරමින් තහවුරු කළේය.
මලල ක්‍රීඩා ගම්මානය සහ ප්‍රධාන පුවත්පත් මධ්‍යස්ථානය ද 2021 සඳහා රඳවා ගෙන ඇත. අයිඕසී සම්බන්ධීකරණ කොමිෂන් සභාවේ ප්‍රධානී ජෝන් කෝට්ස් පැවසුවේ ස්ථාන සුරක්ෂිත කිරීම “දැවැන්ත කාර්යයක්” බවයි.
"අපි කතා කරන්නේ විවිධ හිමිකාරිත්වයන් ඇති ස්ථාන ගැන" ඔහු අයිඕසී සැසියේදී පැවසීය.
කලින් මිලදී ගත් ටිකට්පත් ලබන වසර සඳහා වලංගු වන අතර විස්තර තවමත් තීරණය කර නොමැති නමුත් ඉල්ලීම පරිදි ප්‍රතිපූරණය ලබා දෙනු ඇත.
මෙම සතිය මුලදී, අයිඕසී සභාපති තෝමස් බැච් පවසා ඇත්තේ 2021 දී ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා අයිඕසී පූර්ණ කැපවීමෙන් කටයුතු කළ බවත් සහභාගී වූ සියලු දෙනාගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා “බහුවිධ අවස්ථා” සලකා බලමින් සිටින බවත්ය.
ප්‍රේක්ෂකයින් නොමැතිව ක්‍රීඩා පැවැත්වීම අයිඕසීයට අවශ්‍ය නොවන බව ඔහු අවධාරණය කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments