21 වැනි සියවසේ වටිනාම ක්‍රිකට් ක්‍රීඩකයා මුරලි
- 2020-06-28 14:34:29
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා වන ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තියා මුරලිදරන් 21 වන සියවසේ වටිනාම ටෙස්ට් ක්‍රීඩකයා ලෙස විස්ඩන් ක්‍රිකට් මාසික සඟරාව විසින් නම්කර තිබේ.
ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් විශ්ලේෂණ සමාගමක් වන ක්‍රික්විස් සමඟ එක්ව මෙම සඟරාව 21 වන සියවසේ හොඳම ටෙස්ට් ක්‍රීඩකයින් 30 දෙනා නම්කර ඇති අතර එහිදී ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් මෙම සටහනේ පෙරමුණ ගෙන තිබේ.
විස්ඩන් ක්‍රිකට් මාසික අලෙවිකරණ අධ්‍යක්ෂ සෑම් ස්ටෝ පැවසුවේ “අපි 2000 වසරේ සිට දත්ත එක්රැස් කර තිබෙනවා.
මුරලිගේ ටෙස්ට් කඩුලු 800 න්, ඔහු තරග 85 කදී කඩුලු 573 ක් ලබාගෙන ඇත්තේ 2000 ජනවාරි 1 සිට 2010 දක්වා යි. මෙම කාලය තුළ ඉදිරියෙන් සිටින්නේ ජේම්ස් ඇන්ඩර්සන් පමණයි. ඔහු කඩුලු 584 ක් දවාගෙන තිබෙනවා නමුත් ඔහු ක්‍රීඩා 151 ක් (2000-2020) ක්‍රීඩා කර තිබෙනවා.”
Reply To:
Name - Reply Comment
0 Comments