සමස්ත ලංකා පාසල් කැරම් තරගාවලිය
- 2016-10-04 16:21:59
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සමස්ත ලංකා පාසල් කැරම් තරගාවලියේ 19න් පහළ බාලක ශුරතාව මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය දිනාගත් අතර බාලිකා ශුරතාව පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය දිනාගනු ලැබුහ.
එම තරගාවලියේ 15න් පහල බාලක ශුරතාවය කොළඹ රාජකීය විද්‍යාලයත් බාලිකා ශුරතාවය නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාලය දිනාගනු ලැබිය.
19න් පහල බාලක අනු ශුරතාව මොරටුව වෙල්ස් කුමර විද්‍යාලයත් තුන්වන ස්ථානය නුගේගොඩ ශාන්ත ජෝසප් විද්‍යාලයටත් හිමිවිය.19න් පහල බාලිකා අනුශුරියන් වුයේ නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාලයයි.තුන්වන ස්ථානය නුගේගොඩ සමුද්‍ර දේවි බාලිකා විද්‍යාලය දිනාගත්හ.
15 පහල බාලක අනුශුරතාවය මොරටුව වේල්ස් කුමර විද්‍යාලයටත් , තුන්වැනි ස්ථානය වාරියපොල ශ්‍රි ඥානෝදය මධ්‍ය මහා විද්‍යාලයටත් හිමිවුහ.15න් පහල බාලිකා අනුශුරියන් වුයේ නුගේගොඩ සමුද්‍ර දේවි බාලිකා විද්‍යාලයයි.තුන්වැනි ස්ථානය කොළඹ විශාඛා විද්‍යාලයට හිමිවිය.
තරගාවලියේ දක්ෂතම ක්‍රිඩකයා ලෙස මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයේ අයි.එන්.කලංසුරිය සිසුවා තේරිපත්වු අතර දක්ෂතම ක්‍රිඩිකාව වුයේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ කුසල්යා ලක්සරණි විදානගම ක්‍රිඩිකාවය. මෙම තරගාවලිය ත්‍රිකුණාමලය විවේකානන්ද මහා විද්‍යාලයේ දි පැවැත්වුණි. මෙම තරග නැගෙනහිර පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රිඩා) ඉන්ද්‍රජිත් ධර්මතිලක මහතා ඇතුලු කණ්ඩායමක් සංවිධානය කර තිබුණි.
කැරම් 19න් පහල බාලක ශුරතාවය දිනාගත් මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාල කණ්ඩායම
කැරම් 15න් පහල බාලක ශුරතාවය දිනාගත් කොළඹ රාජකිය විද්‍යාලය කණ්ඩායම
කැරම් 19න් පහල බාලිකා ශුරතාවය දිනාගත් පන්නිපිටිය ධර්මපාල විද්‍යාල කණ්ඩායම
කැරම් 15න් පහල බාලිකා ශුරතාවය දිනාගත් නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාල කණ්ඩායම
Reply To:
Name - Reply Comment
0 Comments