ලෝක කුසලාන පාපන්දු තරගවල වේගවත්ම ගෝලය බෙන්ටේක්ගෙන්
- 2016-10-11 12:11:11
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝක කුසලාන පාපන්දු තරගයකදී වාර්ත කළ වේගවත්ම ගෝලයට හිමිකම් කීමට බෙල්ජියමේ පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියන් බෙන්ටේක් සමත් විය. 2018 වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් සුදුසුකම් ලැබීමට පැවැති තරගයකදී ඔහු මෙම දක්ෂතාව දැක්වීය.
ජිබෝල්ටා කණ්ඩායම හා ඊයේ (10දා) පැවැති තරගයේදී ඔහු මෙම දක්ෂතාව දැක්වූයේ තරගය ආරම්භ කර තත්පර 7කින් ගෝලයක් වාර්තා කරමිනි.
1993 වර්ෂයේදී සැන් මරීනෝ ක්‍රීඩක ඩේවිඩ් ගෝල්ටෙරී විසින් තත්පර 8.3 කින් ගෝලයක් වාර්තා කරමින් ලෝක කුසලාන තරගාවලියකදී වාර්තා කළ වේගවත්ම ගෝලයට හිමි වාර්තාව පිහිටුවා තිබුණි. ඒ අනුව අවුරුදු 23ක් පැරණි වාර්තාවක් බෙන්ටේක් විසින් බිඳ දැමීය.
ජිබෝල්ටා කණ්ඩායම හා පැවැති තරගයෙන් ගෝල 6-0ක පහසු ජයක් වාර්තා කිරීමටත් බෙල්ජියම් කණ්ඩායම සමත්විය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments