කෝලි ලකුණු 10000 සම්පූර්ණ කරයි
- 2018-10-25 12:22:25
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වාර්තා පිට වාර්තා බිහිකරමින් ක්‍රිකට් වංශකතාව වෙනස් කරමින් සිටින ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි ඊයේ දිනයේදී තවත් වාර්තාවක් පිහිටුවීය.
ඒ එක්දින ක්‍රිකට් පිටියේ වේගයෙන්ම ලකුණු 10000 සීමාවට ළගා වූ ක්‍රීඩකයා ලෙසිනි. කෝලි එක්දින තරග 213කදී ඉනිම 205ක් තුළ මෙම වාර්තාව පිහිටුවීය. ඒ අනුව ඔහු විසින් බිඳ දමනු ලැබුවේ එක්දින ඉනිම 259කදි ලකුණු 10000 සම්පූර්ණ කරමින් ඉන්දීය හිටපු සුපිරි පිතිකරු සචින් පිහිටුවා තිබූ ලෝක වාර්තාවයි.
ඉන්දීය කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර විශාඛාපටිනම් හිදී පැවැති තරගයේදී කෝලි මෙම දක්ෂතාව දැක්වීය.
Reply To:
Name - Reply Comment
0 Comments