Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

43 වැනි ජාතික මහ ක්‍රීඩා උලෙළේ සමස්ත ශූරතාව (ජනාධිපති ශූරතාව) දිනාගැනීමට බස්නාහිර පළාත සමත්වූ අතර, ඉතිහාසයේ දෙවැනි වරටත් රන් පදක්කම් සියයක (102) හිමිකරුවා වීමට ඔවුන්ට හැකිවිය. බස්නාහිර පසුගිය වසරේ යාපනයේ පැවති ක්‍රීඩා උලෙළේදී පළමු වරට රන් පදක්කම් ශතකයක (113) හිමිකරුවා විය. රන් පදක්කම් 46ක් දිනූ මධ්‍යම පළාත සමස්ත අනුශූරතාව දිනාගත් අතර, තෙවැනි ස්ථානය රන් පදක්කම් 27ක් දිනූ වයඹ විසින් දිනාගත්තේය. කෙසේ නමුත් පසුගිය වසරේ ජනාධිපති අනුශූරයන් වූ දකුණු පළාත මෙවර සත්කාරක පළාත වුවත් ඔවුන් 05 වැනි ස්ථානය දක්වා පසුබැස තිබීමත්, එවර තෙවැනි ස්ථානයෙන් සෑහීමට පත්වූ මධ්‍යම පළාත ස්ථානයක් ඉදිරියට පැමිණ තිබීමත් මෙවර විශේෂත්වයකි. මෙවර ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකා වාර්තා 02ක් හා තරග වාර්තාවක් අලුත් විය. ඒ අනුව තරගාවලියේ පළමු ශ්‍රී ලංකා වාර්තාව රිටී පැනීමේ ක්‍රීඩිකා ජෙගනේෂ්රන් අනීතා පිහිටුවූවාය. උතුරු පළාත නියො‘ජනය කළ ඇය, සිය ඉසව්ව මී. 3.48ක දක්‍ෂතාවක් දක්වමින් අවසන් කළාය. ක්‍රීඩා උලෙළේ අවසන් දිනය වූ ඊයේ (24දා) මිටිය විසි කිරීම ඉසව්වෙන් දෙවැනි ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවීමට දකුණු පළාත නියෝජනය කළ ශානිකා මනෝජි අමරසිංහ සමත් වූවාය. ශානිකා එම වාර්තාව මීටර 48.76ක දක්‍ෂතාවක් දක්වමින් පිහිටවූ අතර, ඇය බිඳහෙලනු ලැබුවේ අයේෂා මධුවන්ති (මී. 48.08) විසින් තායිලන්තයේදී පිහිටුවා තිබූ වාර්තාවකි. මීට අමතරව තුම්පිම්ම කාන්තා ඉසව්ව නියෝජනය කළ බස්නාහිර පළාතේ විදූෂා ලක්‍ෂානි මීටර 13.32ක දක්‍ෂතාවක් දක්වමින් (නව තරග වාර්තාවක්) එහි රන් පදක්කම දිනාගැනීමට සමත් වූවාය. විදූෂා වත්මන් ශ්‍රී ලංකා වාර්තාවේ හිමිකාරියද වන අතර, ඇය මෙම වසරේදීම ඉකුත් අප්‍රේල් මස දියගමදී මීටර 13.64ක දක්‍ෂතාවක් දක්වා තිබුණි. මෙවර ක්‍රීඩා උලෙළේ වේගවත්ම ක්‍රීඩිකාව ලෙස සබරගමුව පළාතේ රුමේෂිකා රත්නායක සම්මාන දිනාගත් අතර, ඇය තත්. 11.74කින් තරගය අවසන් කළාය. රුමේෂිකාගේ ජයග්‍රහණයේ විශේෂත්වය වන්නේ, ඇය ජපානයේ විශේෂ පුහුණුවකට සහභාගි වී පෙරේදා (23දා) රාත්‍රියේ දිවයිනට පැමිණ පෙර සුදුසුකම් ලැබීමේ වට සඳහා පෙනී නොසිට අවසන් තරගයට සෘජුව සහභාගිවී 08 වැනි මත්තීරුවෙන් තරග වැඳ මෙම පදක්කම ජයග්‍රහණය කිරීමයි. රුමේෂිකා දකුණු ආසියාවේ (වත්මන්) වේගවත්ම ක්‍රීඩිකාවද වෙයි. එමෙන්ම ක්‍රීඩා උලෙළේ වේගවත්ම ක්‍රීඩකයා ලෙස මීටර 100 ඉසව්ව තත්. 10.76කින් අවසන් කළ බස්නාහිර පළාතේ හිමාෂ එශාන් සම්මාන දිනාගත්තේය. හිමාෂ වත්මන් ශ්‍රී ලංකා වාර්තාවටද හිමිකම් කියන ක්‍රීඩකයා වන අතර, ඔහු පසුගිය වසරේ (2016) ඉන්දියාවේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේදී දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා (තත්. 10.26) ලෙසද සම්මාන දිනාගත්තේය. ක්‍රීඩා උලෙළේ වසර 07ක සිට අඛණ්ඩව උස පැනීම පිරිමි ඉසව්වේ ආධිපත්‍ය තහවුරු කරගෙන සිටි දකුණු පළාතේ මංජුල කුමාර, 08 වැනි වරටත් රන් පදක්කමට මෙවරත් හිමිකම් කීමට සමත් විය. මෙවර ක්‍රීඩා උලෙළේ දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස දුර පැනීමේ ඉසව්වෙන් රන් පදක්කමක් (මී. 7.83) දිනූ ජනක ප්‍රසාද් විමලසිරි (මධ්‍යම) හා දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස තුම් පිම්ම ඉසව්වෙන් නව තරග වාර්තාව පිහිටවූ විදූෂා ලක්‍ෂානි සම්මාන දිනාගත්තාය. 113

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.