Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එක් දින කාන්තා ශූරතාවලියේ පිට පිටම තුන් වැනි තරගයත් ජයග්‍රහණය කරමින් එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශූරතාවලියේ ජයග්‍රහණය අත්කර ගත්හ. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තාවෝ ලකුණු 161 කට දැවී ගියහ. ඉන් අනතුරුව පිටියට පැමිණි එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකාරිය ටැමි බර්මොන්ට් පන්දු 79 කින් ලකුණු 78 ක් රැස්කිරීම කැපී පෙනින. මෙම ජයත් සමගම දෙපිල අතර තරග 4 කින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 3-0 කින් ජයගැනිමට සංචාරක එංගලන්ත කී‍්‍රඩිකාවෝ සමත්වූහ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවන්  ඕවර 49.4 කදී  ලකුණු 161 කට දැවී ගිය අතර  ඕවර 29.3 කදී කඩුලූ 2 ක් පමණක් බිඳ වැටී තිබියදී අපේක්‍ෂිත ඉලක්කය පසුකර යාමට එංගලන්ත කී‍්‍රඩිකාවෝ සමත් වූහ.

මේ තරගාවලිය පුරා දීර්ඝ ඉනිමක නිරතවීමට ශී‍්‍ර ලංකා පිලේ කිසිදු පිතිකාරිනියකට නොහැකිවිම අද තරගයේදිත් දක්නට ලැබීම කණගාටුදායක සිදුවීමකි. ලකුණු විසිගණන්වලට පැමිණීමෙන් පසුව ඉක්මන් කළබලයකින් යුතුව අනවශ්‍ය පහරවල් කරා යොමුවීමෙන් ශී‍්‍ර ලංකා පිලේ ජ්‍යෙෂ්ඨ පිතිකාරිනියන් සියලූ දෙනාම නිකරුණේ කඩුලූ පූජා කළ අතර වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා වූයේ ආරම්භක පිතිකාරිනි නිපුනි හංසිකා ලබාගත් ලකුණු 29 පමණි.

පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ එංගලන්ත පිලේ ආරම්භක පිතිකාරිනී ටැමී බියූමන්ට් විශිෂ්ට පිතිහරඹයක නිරතවෙමින් පන්දු 79 කදි හතරේ පහර 7 ක් සහ හයේ පහර 3 ක් සමග ලකුණු 78 ක් රැස් කළේ එංගලන්ත පිලට ජයග‍්‍රහණයේ මාවත විවර කර දෙමිනි. සුගන්ධිකා කුමාරිගේ පන්දුවකට අමා කාංචනා වෙත උඩපන්දුවක් දීමෙන් බි්‍යූමන්ට් දැවී යද්දී එංගලන්ත ජයග‍්‍රහණයට අවශ්‍යවී තිබුණේ ලකුණු 6 ක් පමණි.ENG Batswoman

ලකුණු 87 කට කඩුලූ 3ක් බිඳ වැටුණු මොහොතේ බි්‍යූමන්ට් සමග එක්වූ ෆ‍්‍රෑන් විල්සන් ලකුණු 30 ක් රැුස් කළේ සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 67 ක අගනා සම්බන්ධතාවක් ද ගොඩ නගමිනි.

දෙපිල අතර එක්දින තරගාවලියේ දෙවැනි තරගයේ සිට පැවැත්වෙන්නේ 2017 ලෝක ශූරතාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරග වටයේ තරග 3 කි. දෙපිල අතර අවසන් එක්දින එක්දින තරගය අනිද්දා (17) ආර්.පේ‍්‍රමදාස පිටියේදීම පැවැත්වේ.

ශී‍්‍ර ලංකා කාන්තා කි‍්‍රකට් පිල -  ඕවර 49.4කදී සියලූදෙනා දැවී ලකුණු 161 
(නිපුනි හංසිකා 29, චමරි අතපත්තු 27, ඩිලානී මනෝදරා 22, චමරී පොල්ගම්පොල 21, ලෝරා මාෂ් 25/2, ඩැනියෙලා හේසල් 24/2, ඇලෙක්ස් හාට්ලි 23/2)

එංගලන්ත කාන්තා කි‍්‍රකට් පිල -  ඕවර 29.3කදී කඩුලූ 5 ක් දැවී ලකුණු 162 
(ලොරේන් විනිෆීල්ඞ් 21, ටැමී බියොමන්ට් 78, ෆ‍්‍රෑන් විල්සන් 30,  ඕෂධී රණසිංහ 26/2) (source: lankadeepa)

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.