IPL දින නියමයක් නොමැති කල් යයි
- 2020-04-16 23:37:20
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙවර අයි.පී.එල් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (බී.සී.සී.අයි) පියවර ගෙන ඇත. තරගාවලියට සහභාගි වන කණ්ඩායම් හා බී.සී.සී. අයි අතර අද (16දා) පැවැත්වූ සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගෙන ඇත.
තරගාවලිය මූලික වශයෙන් පසුගිය මාර්තු 29 වැනිදා සිට එළඹෙන මැයි 24 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම කොට තිබුණත් කෝවිඩ්-19 වෛරසය ලෝවපුරා වසංගතයක් බවට පත්වීමත් සමගින් තරගාවලිය පැවැත්වීම මූලික වශයෙන් කල්දැමීමට සංවිධායකයින් පියවර ගත්හ. එහි තීරණයක් ගැනීම ඊයේ (14දා) දක්වා කල් දැමිණි. කෙසේ වෙතත් ඉන්දියාව තුළ වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සදහා සමස්ථ ඉන්දියාවම එළඹෙන මැයි 3 වැනිදා දක්වා වසා දැමීමට (lockdown) කිරීමට පියවර ගැනීමත් සමග තරගාවලිය මෙවර පැවැත්වීමේ දැඩි අර්බුදයක් මේ වනවිට නිර්මාණය වී ඇති බව විදෙස් වාර්තා මගින් දැක්වේ.
ලොව වඩාත්ම ජනප්‍රියත්වයක් උසුලන ක්‍රිකට් තරගාවලිය ලෙසින් හැදින්වෙන අයි.පී.එල්. තරගාවලිය ලොව වඩාත්ම මුදල් හුවමාරු වන ක්‍රීඩා තරගාවලි අතරටද අයත් වේ.
Reply To:
Name - Reply Comment
0 Comments