විශාලම ක්‍රිකට් ක්‍රිඩාංගණ ව්‍යාපෘතිය අත්හිටුවයි
- 2020-05-21 08:09:55
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාවේ විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවීමට රජය පියවර ගෙන තිබේ. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ජ්‍යේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් අතර අද (21දා) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
ජ්‍යේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් වන සනත් ජයසූරිය, රොෂාන් මහානාම, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන සහ ලසිත් මාලිංග යන ක්‍රීඩකයින් මීට සහභාගි වූ අතර වත්මන් ක්‍රිකට් පරිපාලනයේ නිලධාරීන් සහ හිටපු ක්‍රිකට් සභාපතිවරුන්, ලේකම්වරුන් ඇතුළු පිරිසක් මෙම හමුවට සහභාගි වූහ.
'එය ඉතා හොඳ සාකච්ඡාවක්' මේ මොහොතේ පාසල් හා අනෙකුත් ක්‍රිකට් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව අපි දැනුවත් කළා. දැවැන්ත ක්‍රීඩාංගන ඉදිකිරීමට කාලය මෙය නොවේ ”යැයි හිටපු නායක සනත් ජයසූරිය රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත පැවසීය.
රට තුළ මෙන්ම ලොව පුරා කොවිඩ්-19 වසංගතය හේතුවෙන් සෞඛ්‍ය ගැටලු මතුව ඇති මොහොතක ලංකාවේ විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය සෑදීමට මෙම අවස්ථාවේ ඉඩ ලබාදිය නොහැකි බවත් ක්‍රිකට් සංවර්ධනයට ලැබෙන මුදල් මීට වඩා ප්‍රායෝගිකව සහ ක්‍රීඩාවේ සුබ සිද්ධියට යොදාගත යුතු බව මෙම හමුවට එක්ව සිටි ක්‍රිකට් ක්‍රීඩකයින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඒ අනුව ඊට වහා ප්‍රතිචාර දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ මෙම ව්‍යාපෘතිය අත්හිටුවීමට පියවර ගන්නා ලෙසත් ක්‍රීඩාවේ දියුණුවට අවශ්‍ය ක්‍රියාමාර්ග වහා ගන්නා ලෙසත් ය.
මීට අමතරව ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කිරීම ඇතුළු මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රගමනය උදෙසා මීට පෙර මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර ඇතුළු පිරිසක් ලබාදුන් යෝජනා වහා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එම කටයුතු මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ රොෂාන් මහනාම ඇතුළු ජ්‍යේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් වෙත පැවරීමටත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ.
ඒ අනුව මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මහේල, සංගා යෝජනා තවදුරටත් පුළුල් කරමින් මෙරට පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ සිට දේශීය මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ප්‍රතිපත්ති සැකසීම ජ්‍යේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් වෙත පවරා තිබේ.
මෙම හමුව සඳහා ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගාමිණී ලොකුගේ ඇතුලු අමාත්‍යවරුන් කිහිපදෙනෙක්ද ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීහුද එක්ව සිටියහ.
Reply To:
Name - Reply Comment
0 Comments