මහේල ජයවර්ධනගෙන් ශතකයක්
- 2016-12-21 15:47:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නවසිලන්තයේ පැවැත්වෙන විස්සයි20 ලීග තරගාවලියට එක්ව සිටින මහේල ජයවර්ධන එම තරගාවලියේ සිය පළම ශතකය අද (21දා) වාර්තා කිරිමට සමත්විය. මධ්‍යම දිස්ත්‍රික් කණ්ඩායම හා ඔටාගෝ කණ්ඩායම අතර පැවැති තරගයේදී මධ්‍යම දිස්ත්‍රික් කණ්ඩායම වෙනුවෙන් මහේල මෙසේ සිය ශතකය සම්පූර්ණ කරනු ලැබීය.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඔටාගෝ කණ්ඩායම සිය පන්දුවා 20 තුළදී ලකුණු 249ක් රැස්කිරිමට සමත්වූයේය. ආරම්භක පිතිකරු හමීෂ් රදෆෝඩ් ලකුණු 106ක් රැස්කිරිමට සමත්විය.
ලකුණු 250ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසින මධ්‍යම දිස්ත්‍රික් කණ්ඩායමට සිය පන්දුවා 20 තුළදී කඩුලු 4ට ලබාගත හැකිවූයේ ලකුණු 248ක් පමණි. සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ මහේල පන්දු 56කදී හතරේ පහර 12ක් හා හයේ පහර 7ක් ද සමගින් ලකුනු 116ක් රැස්කිරීමට සමත්වූයේය.
කෙසේ වෙතත් කණ්ඩායමේ තෙවැනි කඩුල්ල ලෙස මුළු ලකුණු සංඛ්‍යාව 229දී මහේල දැවීයෑම හේතුවෙන් මධ්‍යම දිස්ත්‍රික් කණ්ඩායමට පරාජය හිමිවිය. ඒ වන විට පන්දු 11කදී ඔවුන්ට රැස්කිරිමට තිබුණේ ලකුණු 21ක් පමණි. නමුත් පන්දු 11ට මධ්‍යම දිස්ත්‍රික් කණ්ඩායමට රැස් කළ හැකිවූයේ ලකුණු 19ක් පමණි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments