යුනිස් ඛානුත් සමුගනියි
- 2017-04-09 14:56:46
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාකිස්තාන කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර කොදෙව්හි පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ නිමාවත් සමගින් පාකිස්තාන සුපිරි පිතිකරු යුනිස් ඛාන්ද ජාත්‍යන්තර ටෙස්ට් පිටියට සමුදීමට තීරණය කර තිබේ. එම තරගාවලියෙන් පසුව පාකිස්තන ටෙස්ට් නායක මිස්බා උල් හක්ද ජාත්‍යන්තර පිටියට සමුදෙන බව නිවේදනය කළේය.
39 හැවරිදි වියේ පසුවන යුනිස් ඛාන් සිය විශ්‍රාම ගැනීම නිවේදනය කරමින් පැවැසුවේ තමන්ට විශ්‍රාම නොගන්නා බවට බොහෝ දෙනෙකු දුරකතනයෙන් කතා කළ ඉල්ලා සිටියත් තමන්ට විශ්‍රම ගැනීමට මේ වන විට කාලය පැමිණ ඇති බවයි.
ටෙස්ට් තරග 115කදී ලකුණු 9977ක් රැස්කරගෙන ඇති යුනිස් ඛාන් ශතක 34ක් හා අර්ධ ශතක 32ක් රැස්කරගෙන ඇත. ඔහුගේ වැඩිම ලකුණු ලෙස සටහන් වන්නේ ලකුණු 313කි. ඔහු පාකිස්තානය වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කළ ටෙස්ට් පිතිකරු වෙන අතර කොදෙව් දූපත්හි පැවැත්නෙ ටෙස්ට් තරගාවලියේදී ඔහු තවත් ලකුණු 23න් රැස්කළ හොත් පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් ලකුණු10000 සම්පූර්ණ කළ පළමු හා එකම පිතිකරු බවටත් යුනිස් වාර්තා අතරට එක්වෙනු ඇත.
කොදෙව් කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය එළැඹෙන 21 දා ආරම්භ වෙයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments