IPL කිරුළ දෝනිගේ කණ්ඩායමට
- 2018-05-28 14:38:45
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉන්දීය ප්‍රිමියර් ලී තරගාවලියේ 2018 ශූරතාවය හිමිකර ගැනීමට මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් සමන්විත චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්විය.
ඊයේ (27දා) මුම්බායිහි පැවැති තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම කඩුලු 8කින් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පරාජය කිරීමට සමත්විය.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් කණ්ඩායම කඩුලු 6ට ලකුණු 178ක් රැස්කළේය. ලකුණු 179ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි කණ්ඩායම පන්දුවාර 18.3කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 172ක් රැස්කරමින් තරගය ජයගත්තේය.
තරගයේ වීරයා සම්මානය හිමිකරගත් ෂේන් වොට්සන් පන්දු 57කදී නොදැවී ලකුණු 117ක් රැස්කිරීමට සමත්විය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments