Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු ශතකය වාර්තා කිරීමට සුපිරි විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ගේල් සමත් වූයේය. ඒ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම හා කිංග්ස් ඉලෙවන් පංජාබ් කණ්ඩායම අතර ඊයේ (19දා) පැවැති තරගයේදීය.

මෙවර තරගාවලියේදී පංජාබ් කණ්ඩායමට ක්‍රීඩා කරන ගේල් පන්දු 63කදී නොදැවී ලකුණු 104ක් රැස්කළේ හයේ පහර 11ක් හා හතරේ පහරක් සමගිනි.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් පංජාබ් කණ්ඩායම ලකුණු 193ක් රැස්කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හයිද්‍රාබාද් කණ්ඩායමට රැස්කළ හැකි වූයේ ලකුණු 178ක් පමණි. ඒ අනුව මෙහිදී හයිද්‍රාබාද් කණ්ඩායම මෙවර තරගාවලියේ පළමු පරාජයද අත්වින්ඳේය.

වසර කිහිපයක් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ක්‍රීඩා කළ ගේල් එම කණ්ඩායම විසින් මෙවර වෙන්දේසියට ඉදිරිපත් කළ අතර, පළමු වටයේදී ඔහු මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවුණි.

කෙසේ වෙතත් දෙවැනි වටයේදී පංජාබ් කණ්ඩායමේ අධ්‍යක්ෂ වීරේන්ද්‍ර ශෙවාග් ඔහුව මිලදී ගත්තේ ගේල් තරග දෙක තුනක් කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවන්නේ නම් ප්‍රමාණවත් බවට පවසමිනි. මේ වන විටත් ඔහු පංජාබ් කණ්ඩායම අවස්ථා දෙකකදී ජයග්‍රහණය කරා රැගෙන ගොස් තිබේ. 

නිරෝෂා ප්‍රියදර්ශනී

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.