Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අගෝස්තු මස පැවැත්වීමට යෝජිත ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය සඳහා අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටුයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ  අනුමැතිය අද (24) දින ලබා දෙන ලදි.

ගෝලීය වසංගතයක්ව පවතින කෝවිඩ් 19 වෛරසය නිසා සාමාන්‍ය ජන ජීවිතය අඩාල වෙමින්,  මානසික සුවය ගිලිහෙමින් අප මුහුණ දුන් අදුරු යුගය ජනාධිපතිතුමාගේ දූරදර්ශි නායකත්වය හා රජයේ නිවැරදි වැඩපිළිවෙල සමඟ එක්වූ සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවගේ කැපකිරීම් හා උනන්දුව මත  නැවත ක්‍රමානුකූලව යථා තත්ත්වයට පත් වෙමින් පවතී.

මේ වන විට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන පරිදි සාමාන්‍ය සමාජය තුළ කොවීඩ් 19 වෛරසය ව්‍යාප්ත වීම පාලනය කර ඇත.

ශ්‍රී ලාංකේය ජනතාව අතර ඉමහත් ජනප්‍රියත්වයට පත් ක්‍රිකට් ක්‍රීඩාවේ ආශ්වාදය නැවත ගෙන ඒමේ අරමුණින් ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියට අනුමැතිය දීමට අමාත්‍යතුමා තීරණය  කර ඇත්තේ අදාළ සෞඛ්‍ය අංශ සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

ඔවුන්ගේ උපදෙස් අනුව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් මෙම තරගාවලිය පැවැත්වීමට සියලුම පාර්ශවයන් කැමැත්ත පල කරන ලදි.

කණ්ඩායම් 05 ක් තරගවදින මෙම තරගාවලිය 2020 අගෝස්තු මස 08 වන දින සිට 20 වන දින දක්වා පැවැත්වේ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.