පාපන්දු ලෝක කුසලානය ආජන්ටිනාවට

2024 අප්‍රේල් මස 16 ප.ව. 06:07 - {{hitsCtrl.values.hits}}  

වසර 36 කට පසුව පාපන්දු ලෝක කුසලානය දිනා ගැනීමට ලියොනල් මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනා කණ්ඩායම සමත් විය. කටාර් හි ලුසයිල් ක්‍රීඩාංගණයේ පැවති අවසන්  මහා තරගයේ දී පැනල්ටි පහර 4-2 කින් ප්‍රංශය පරදවා ජයග්‍රහණය ලැබීමට ආර්ජන්ටිනාව සමත් විය.

තරගයේ නියමිත කාලය නිමා වනවිට දෙපිලම ගෝල දෙක බැගින් රැස් කරගෙන සිටි අතර අතිරේක විනාඩි තිහේදී ද දෙපිලම තවත් ගෝලය බැගින් රැස් කිරීමට සමත් වීම නිසා තරගයේ තීරණය පැනල්ටි පහර මත තීරණය කිරීමට සිදුවිය. මෙහිදී පැනල්ටි පහර 4-2 ක් ලෙස ජය ගැනීමට ආජන්ටිනාව සමත් විය.

තරගයේ පළමු අර්ධය සම්පූර්ණයෙන්ම තමන්ගේ අණසකට යටත් කරගත් ආර්ජන්ටිනාව තරගයේ පළමු ගෝලය  23 වැනි විනාඩියේ දී වාර්තා කළේය.  දඬුවම් පහරක් මගින් එම ගෝලය රැස් කිරීමට මෙසී සමත් විය. එයින් පසු 36 වැනි විනාඩියේ දී ඩි මාරියා තවත් ගෝලයක් රැස් කරමින් 2-0 ක් ලෙස කණ්ඩායම ඉදිරියට ගෙන ඒමට සමත් විය.

දෙවැනි අර්ධයේ දී ප්‍රංශය  වැඩි ජවයකින් ක්‍රීඩාවට අවතීරණ වුවද ආර්ජන්ටිනාව ජයග්‍රහණය කරා යන ලකුණු දැක ගත හැකි විය. එහෙත් ප්‍රංශය 80 වැනි විනාඩියේ දී එම්බාපේ එල්ල කළ දඬුවම් පහරකින් පළමු ගෝලය ලබා ගත් අතර 81 වැනි විනාඩියේ දී එම්බාපේ විශිෂ්ට ගෝලයක් ලබා ගනිමින් තරගය සම කරන්නට සමත් විය.

අතිරේක කාලයේ දී තරගයේ 109 වැනි මිනිත්තුවේ දී ලියොනල් මෙසී තවත් ගෝලයක් වාර්තා කළ අතර එය ආර්ජන්ටිනා ජයග්‍රහණය තහවුරු කරන ගෝලය වනු ඇතැයි බොහෝ දෙනෙකු විශ්වාසය පළ කළද කිලියන් එම්බාපේ අතිරේක කාලය නිමා වීමට විනාඩි දෙකක් තිබියදී එනම් 118 වැනි විනාඩියේ දී තවත් දඬුවම් පහරක් සර්ථක කරගෙන තරගය පැනල්ටි පහරවලින් තීරණය ලබා ගන්නා එකක් බවට පත් කළේය.

තරගාවලියේ හොඳම තරුණ ක්‍රීඩකයා - එන්සෝ ෆර්නැන්ඩස් ( ආර්ජන්ටිනාව)

තරගාවලියේ හොඳම ගෝල් රකින්නා - එමිලියානෝ මාටිනස් ( ආර්ජන්ටිනාව)

 තරගාවලියේ වැඩිම ගෝල ලාභියා ( ගෝල්ඩන් බූට් සම්මානය) ගෝල 8 යි -  කිලියන් එම්බාපේ ( ප්‍රංශය)

තරගාවලියේ හොඳම ක්‍රීඩකයා (ගෝල්ඩන් බෝල් සම්මානය)  - ලියොනල් මෙසී ( ආර්ජන්ටිනාව)

දින පොත