Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අවුරුදු 20න් පහළ ආසියානු සත් සාමාජික රග්බි කාන්තා සහ පිරිමි තරගාවලි ද්විත්වය හෙට (9දා) ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ රාජ්ගිර්හිදී ආරම්භ වෙයි. තරගාවලියට පිරිමි සහ කාන්තා කණ්ඩායම් 8 බැගින් එක්වන අතර, ශ්‍රී ලංකාවෙන් ද කණ්ඩායම් දෙකක් එක්ව සිටියි.

තරගාවලියේ පිරිමි තරගය ශ්‍රී ලංකා පිල හෙට (9) පෙරවරු 9.00ට හොංකොං පිලට එරෙහිව තරග බිමට පිවිසෙන්නේ ‘ඒ’ කාණ්ඩය යටතේය. එම කාණ්ඩයට සත්කාරක ඉන්දියාව සමග එක්සත් අරාබි එමීර් පිල ද එක්වන අතර, ‘බී’ කාණ්ඩයට චීනය, කසකස්තානය, උස්බෙකිස්තානය සහ මැලේසියාව ඇතුළත් වෙයි.

පළමු දින මූලික වටයේ තරග පමණක් පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා පිල සහභාගි වන දෙවැනි තරගය ඉන්දියාවට එරෙහිව දහවල් 12.45ටත්, මූලික වටයේ අවසන් තරගය පස්වරු 3.40ට එක්සත් අරාබි එමීර් පිලට එරෙහිවත් පැවැත්වේ.

කාන්තා තරගයේදී ශ්‍රී ලංකා පිල ‘සී’ කාණ්ඩයෙන් තරග වදින අතර, ඊට චීනය, උස්බෙකිස්තානය සහ නේපාලය එක් වෙයි. සත්කාරක ඉන්දියාව සමග හොංකොං, කසකස්තානය සහ එක්සත් අරාබි එමීර් කාන්තා කණ්ඩායම් ‘ඩී’ කාණ්ඩයෙන් තරග වදිනු ඇත.

තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කාන්තා පිල පෙරවරු 11.05ට චීනයට එරෙහිව පළමු තරගයට එක්වන අතර, දෙවැනි තරගය පස්වරු 2.00ට නේපාලයට එරෙහිවත්, මූලික වටයේ අවසන් තරගය පස්වරු 5.20ට උස්බෙකිස්තානයට එරෙහිවත් පැවැත්වේ.

තරගාවලි ද්විත්වයේම මුල් ස්ථාන දෙක බැගින් දිනා ගන්නා කණ්ඩායම් අවසන් පූර්ව වටයටද සෙසු කණ්ඩායම් එක්වන 5 වැනි ස්ථානයේ සිට 7 වැනි ස්ථාන දක්වා තරග දෙවැනි දිනයේදී (10) පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ නායකයා ලෙස ඉසිපතන විදුහලේ හිටපු නායක ශහීඩ් සුම්රි කටයුතු කරන අතර, උප නායකයා ලෙස බම්බලපිටිය සාන්ත පීතර විදුහලේ හිටපු ක්‍රීඩක පසිඳු බණ්ඩාර කටයුතු කරයි. 15 දෙනකුගෙන් සමන්විත මේ කණ්ඩායමට ගයාන් පෙරේරා, ඉසුරු විතානගේ, ජනිඳු විජේරත්න, ජනිත් මාරසිංහ, කලිඳු සිල්වා, මහතීර් රබන්, රුෂේන් බණ්ඩාරනායක, උදීෂ රත්නායක, යෙහාන් බුලත්සිංහලගේ, ෆහාඩ් නසාර්, ප්‍රනීත් සිල්වා, දිනෙද වික්‍රමාරච්චි සහ අබ්දුල්ලා ෆයිසර් එක්ව සිටිති.

කාන්තා කණ්ඩයම මිනෝලි ජූඩ්ගේ නායකත්වයෙන් චමෝදි සත්සරණි, නදුලි ද සිල්වා, පවනි සත්සරණි, සරිනි නයනතාරා, එෂානි චමෝද්‍යා, ඉෂංකා වීරපරාක්‍රම, ඉෂිනි කවීෂා, නවෝද්‍යා දිව්‍යාංජලී, ෂියෝනා අසනියා, තකාෂි ආයුෂා සහ වෙනුරි කෞෂල්‍යා ඇතුළත් වෙති. මේ කණ්ඩායම්වල පුහුණුකරු ලෙස ශම්ලි නවාස් මහතා කටයුතු කරයි. සහාය පුහුකරු ලෙස සාලිය සඳපාන්ගොඩ, ඩිල්ෂාන් සොයියා (අභ්‍යාසක), මනෝජ් සිල්වා (පිරිමි පිලේ භෞතචිකිත්සක), සුරංගි වීරක්කොඩි (කාන්තා කණ්ඩායම් කළමනාකාරිනී) සහ අයේෂා පෙරේරා (කාන්තා පිලේ භෞතචිකිත්සක) ආදීහු මේ සංචාරයට එක්ව සිටිති.

වැඩි විස්තර

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.