මැද රට පාසල් මලල ක්‍රීඩා තරගාවලිය 11 දා සිට බෝගම්බර දී
- 2025-08-10 22:06:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලංකා පාසල් ක්‍රීඩා උළෙලට සුදුස්සන් තෝරා ගැනීමේ අරමුණ ඇතිව පවත්වනු ලබන මධ්‍යම පළාතේ අන්තර් අධ්‍යාපන කලාප පාසල් මලල ක්‍රීඩා තරගාවලිය අගෝස්තු මස 11, 12, 13, 14 සහ 15 මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන බව සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන) සංජීව වීරක්කොඩි මහතා අනාවරණය කළේය.
සමාරම්භක උත්සවය සඳුදා (11දා) මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවරත්වේ. සමාප්ති උත්සවය සිකුරාදා (15දා) සිදු කෙරේ.
මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක ත්‍රිත්වයට අයත් අධ්‍යාපන කලාප සංඛ්‍යාව 15 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තරගවදිති. අවුරුදු 20 න් පහළ (බාලක සහ බාලිකා) අවුරුදු 18 න් පහළ (බාලක සහ බාලිකා) අවුරුදු 16 න් පහළ (බාලක සහ බාලිකා) අවුරුදු 14 න් පහළ (බාලක සහ බාලිකා) යන වයස් සීමාවන් යටතේ මෙවර මලල ක්‍රීඩා තරගාවලිය ක්‍රියාත්මක කෙරේ.
පසුගිය වසරේ මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු ක්‍රීඩා උළෙලේ සමස්ත බාලක ශූරතාව මහනුවර ත්‍රිත්ව විදුහලට ද සමස්ත බාලිකා ශූරතාව වලල ඒ. රත්නායක මධ්‍ය මහා විදුහලට ද හිමි විය..
පසුගිය වසරේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ සමස්ත අනු ශූරතාව මධ්‍යම පළාත සතු විය.
Reply To:
Name - Reply Comment
0 Comments