ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයෙන් රුක් රෝපණ වැඩසටහනක්
- 2021-04-08 15:02:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝක මහිකත දිනය නමිති කොටගෙන ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ වෘත්තීය මාර්ගෝප දේශන ඒකකය සංවිධානය කළ රුක්රෝපන වැඩ සටහනක් පසුගියදා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.
ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම, කාලගුණික දේශගුණික විපර්යාස, නවීන තාක්‍ෂණය සහ පරිසරය සුරැකීමෙහි වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩ සටහනක්ද මෙයට සමාමීව පැවැත්වූ අතර එහිදී නවීන තාක්‍ෂණය යොදා ගනිමින් සිදුකරන නිෂ්පාදන පරිසරයට හිතකාමී ලෙස සකස් කිරීමට අවශ්‍ය නායකත්වය විශ්ව විද්‍යාල ප‍්‍රජාව තුළින්ම ලබාදීම එම වැඩ සටහනේ ප‍්‍රධාන අරමුණ වී තිබුණි.
මේ වැඩසටහන සඳහා ජනප‍්‍රිය නිළියක කතුවරියක හා පරිසරවේදිනියක වන අර්ත්ඬේ නෙට්වර්ක් හි ශ‍්‍රි ලංකා තානාපතිනි මිෂෙල් දිල්හාරා මෙනවිය සහභාගී වූහ.
සුමති කුඩලිගම
Reply To:
Name - Reply Comment
0 Comments