නයිට්‍ර්ජන් හා පොස්පරස් සාන්ද්‍රණය දියවන්නා ඔයේ වැඩි වෙලා
- 2021-04-28 10:58:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දියවන්නා ඔයේ අසාමාන්‍ය ලෙස ඇල්ගී වර්ධනය වීමට හේතුව ජලයේ පෝෂණ කාරක මූලද්‍රව්‍ය වන නයිට්‍ර්ජන් හා පොස්පරස් සාන්ද්‍රණය ඉහළ යාම බව විශේෂඥයින් පෙන්වා දෙති.
මෙකී ඇල්ගී වර්ධනයට ප්‍රධාන හේතුව වන්නේ දියවන්නා ජලාශයට පොස්පරස් හා නයිට්‍ර්ජන් එක් රැස්විම බවත් ජලයට එක්වෙන එම මූල ද්‍රව්‍ය අවශෝෂණය කර ගැනීමට අවශ්‍ය ශාක දියවන්නා ජලාශයේ නොමැති බවත් එම විශේෂඥයෝ පෙන්වා දෙති.
එමෙන්ම මෙහි ඇති මඩ තට්ටුව තුළ ඉහත සඳහන් කළ පෝෂණ කාරක මූල ද්‍රව්‍ය තැන්පත්වීම වැළැක්වීමට පියවර ගත යුතුව ඇතැයි ද ඔවුහු පෙන්වා දෙති.
ජලයට එකතුවන නයිට්‍ර්ජන් හා පොස්පරස් මගින් ඇල්ගී වර්ධනයට හේතුවන්නේ මේ නිසා බවත් මෙම ඇල්ගී මරා දැමීම ගැටළුව තවත් බරපතල කරනු ලැබිය හැකි අතර එමගින් වර්ධනය විය හැකි බැක්ටීරියා නිසා අධික දුර්ගන්ධයක් අවට පැතිර යා හැකි බවත් ඔවුන් පෙන්වා දී ඇත.
(විනීතා එම්.ගමගේ)
Reply To:
Name - Reply Comment
0 Comments