කෲඩියා සිලනිකා මැදිකර අධිවේගය ඉදිකරන්න යයි
- 2021-02-16 17:57:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකරන වැඩබිමේ දාරළුව ප්‍රදේශයේ දී හමුවූ කෲඩියා සිලනිකා ශාඛය ඉවත් නොකර එය දෙපසින් මාර්ගය ඉදිකිරීමට තීරණය කර ඇතැයි වනජීවී හා වනසම්පත් අමාත්‍ය සී. බී. රත්නායක මහතා ලංකාදීපයට පැවැසීය.
එම ශාඛය කපා දැමීම, ඉවත් කර වෙනත් තැනක සිටුවීම හෝ එවැනි වෙනත් කිසිදු ක්‍රියා මාර්ගයක් නොගන්නා ලෙසත්, ශාඛය ආරක්ෂිතව මගහැර එය දෙපසින් මාර්ගය ඉදිකිරීමට කටයුතු කරන ලෙසත් උපදෙස් දෙමින් මාර්ග සංවර්ධන අධිකාරිය වෙත ලිපියක් යැවූ බව ද රත්නායක මහතා කීය.
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද මෙම අදහසට එකඟ වී ඇති අතර ඒ පිළිබඳව පසුගිය කැබිනට් මණ්ඩලයට කරුණු වාර්තා කළ බවත්, මාර්ග සංවර්ධන අධිකාරිය වෙත යැවූ ලිපියට ලැබෙන පිළිතුර ඉදිරි කැබිනට් රැස්වීමකට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන බවත් රත්නායක මහතා ප්‍රකාශ කළේය.
හොඳින් වැඩුණු ශාකයක් වන එම කෲඩියා සිලනිකා ශාකය ඉවත්කිරීමට එරෙහිව පරිසරවේදීන් ඇතුළු විශාල පිරිසක් විරෝධය දැක්වූ අතර විද්වතුන්ගේ මත ඇතුළු සියලු විරෝධතා ගැන ද සලකා මෙම තීරණය ගත් බව ද හෙතෙම සඳහන් කළේය.
කෲඩියා සිලනිකා ශාඛය ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක් සේ සැළකෙන අතර එය වඳවී ගිය ශාකයක් ලෙස රතු දත්ත පොතටද එක්ව තිබු අතර මෙම ශාඛය හමුවීමෙන් පසු තවත් ශාක කිහිපයක් හමුවී තිබිණි. විනීතා එම් ගමගේ)
සබැඳි පුවත්
වඳවීයන ශාකය ගලවා සිටුවීමට වනජීවීයේ අවසරය
Reply To:
Name - Reply Comment
0 Comments