Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857
LATEST NEWS

 


( තිළිණි ද සිල්වා )

මහත් ආන්දෝලනයට ලක්වූ පඬු කරඳ හෙවත් කෘඩියා සිලනිකා( CrudiaZeylanica)  ශාක විශේෂයේ පැල පරිබාහිර සංරක්ෂණ කටයුතු වලින් රෝපණය කර උද්භිද උද්‍යාන වල හා සුදුසු පරිසර වලට හඳුන්වා දීමට කටයුතු යොදා ඇතැයි ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තුමේන්තුව පවසයි.

2012 රතු දත්ත ලැයිස්තුවට අනුව වඳවී ගිය ශාකයක් ලෙස සැලකූ මෙම ශාකයේ පැල 20ක් පේරාදෙණිය රාජකීය උද්‍යානයෙත් තවත් පැල 06ක් ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයෙත් සංරක්ෂණය කර ඇතැයිද එම දෙපාර්තුමේන්තුව පෙන්වා දෙයි.

මෙම පඬු කරඳ හෙවත් කෘඩියා සිලනිකා “Crudia Zeylanica” ශාකය පිලිබඳ උද්භිද උද්‍යාන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය පවසන්නේ ආන්දෝලනයට ලක්වූ අඳාල ශාකය හමුවූ දාරලුව ප්‍රදේශය ආශ්‍රිතව තවත් පඬු කරඳ විශාල ගසක් හා කුඩා ගසක් හඳුනාගත් බවය.

ඊට අමතරව වෙනත් ස්ථාන 06ක් කින්ද මෙම ශාක හඳුනාගෙන තිබේ. අතර ඒ අනුව අත්තනගලු ඔය ශාඛාවක් වන මැඩිල්ල ඇල, දොරණගොඩ දකුණ, මිනුවන්ගොඩ හෙන්ඩිමහර,කඩුවෙල හා කදිරාන එම ප්‍රදේශයි.

දාරලුව අධිවේගී මාර්ගය ආශ්‍රිතව හඳුනාගත් ශාකයෙන් හා තවත් විවිධ ශාක කීපයකිනුත් රැස් කරන ලද බීජ රෝපණය කර ඇති බවත් පේරාදෙණිය උද්භිද උද්‍යානයේ පැල 20ක් හා ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේ පැල 06ක් සංරක්ෂණය කර ඇති බවත් ඇය පෙන්වා දේ.

මෙම ශාක වල ශාකාගාර නිදර්ශකද (DNA Extraction) ද රැස්කර ජාතික ශාකාගාරයේ තැන්පත් කර ඇතැයිද ඇමතිවරයා වෙත එවූ ලිපියේ සඳහන් වේ.

2012 වසරේ  ප්‍රකාශයට පත් කළ ජාතික රතු දත්ත ලැයිස්තුවේ මෙම ශාකය වඳවී ගිය ශාකයක් ලෙස සලකා ඇත්තේ  1860 දශකයෙන් පසු ස්වභාවික පරිසරයෙන් මෙම ශාකය වාර්තා වී නොමැති නිසාවෙනි. කෙසේවෙතත් 2019 වසරේදී මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකරනු ලබන ප්‍රදේශ ආශ්‍රිතව නැවත මෙම ශාකය සොයා ගැණුනු බව එම වාර්තාවේ සදහන් වේ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.