Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857
LATEST NEWS

ලෝකයේ මුහුදු පතුලේ මේවනවිට ටොන් මිලියන 14ක ප්ලාස්ටික් කසල රැස් වී ඇති බව මෑතකදී කළ අධ්‍යයනයකදී හෙළි වී තිබේ.

මුහුද මතුපිට ඇති ප්ලාස්ටික් මෙන් 30ගුණයක ප්ලාස්ටික් කිලෝමීටර් 3ක පමණ ගැඹුරු මුහුදු පත්ලේ ඇති බව පර්යේෂකයෝ පවසති. ඕස්ට්‍රේලියානු පර්යේෂකයන් කළ අධ්‍යයනයකට අනුව මෙම කරුණ හෙළි වී තිබේ.

 

මේ අනුව, ලෝකයේ ජල මාර්ග වෙත ප්ලාස්ටික් පිවිසීම නිසා සාගර නවතම අභියෝගයට මුහුණ දී ඇත.

 

"ඔබ ලෝකේ කොහේ ගියත්, ගැලවිය නොහැකි තරම් වන ප්ලාස්ටික් සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. මේ විශාල මුහුද කියන්නෙ, හැකිතරම් කසළ බැහැර කළ යුතු ස්ථානයක් නෙමෙයි. මෙය ප්‍රධාන ජල මූලාශ්‍රයක්. මේ කරුණ අපිට පෙන්වා දෙනවා, අපි මොන වගේ ලෝකෙකද ජීවත්වෙන්නෙ කියලාත්, අපේ පුරුදු නිසා සිදුවන හානිය පිළිබඳවත්. අපි මේ සිදුවන දේ නවත්වන්න ඕනෙ" පර්යේෂණ කණ්ඩායමේ ආචාර්ය ඩෙනිස් මහත්මිය පවසයි.‍

 

මුහුදු පතුලේ ඇති ප්ලාස්ටික් කෙතරම් කාලයක් තිබුණේද යන්න ගැන තවමත් සොයාගෙන නැත. නමුත් එහි කොටස් අන්වීක්ෂයෙන් බැලූ කළ පැහැදිලි වී ඇත්තේ, එම ප්ලාස්ටික් මිනිස් පරිභෝජනයට ගන්නා දෑවලින් ඉවතලන ඒවා බවය.

 

2050 වනවිට සාගරයට ප්ලාස්ටික් එකතුවීම වැලැක්වීම සඳහාත්, අහිමි වෙමින් යන ජෛව විවිධත්වය යළි රැකගැනීම සහ පවත්වාගැනීම සඳහාත් සැප්තැම්බර් මාසයේදී ලෝකයේ රටවල් 70ක් ස්වේච්ඡාවෙන් ප්‍රතිඥාවකට අත්සන් කළේය. එහෙත් ලෝකයේ ප්‍රධාන රටවල් වන ඇමෙරිකාව, චීනය, බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව ඊට අත්සන් කර නොතිබිණි.

(ද ගාඩියන් ඇසුරිනි)

ඩිල්ෂානි චතුරිකා දාබරේ

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.