පොලිතීන් තහනම ගැසට් කරයි
- 2021-02-01 14:37:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාතික පාරිසරික පනතෙන් පරිසර අමාත්‍යවරයාට පැවරී ඇති බලතල ප‍්‍රකාරව ප්ලාස්ටික් නියාමනයට අදාලව ගැසට් පත‍්‍ර දෙකක් නිකුත් කර ඇති අතර අදාළ නියාමන කටයුතු මධ්‍යම පරිසර අධිකාරිය විසින් සිදුකිරීමට නියමිතය.
ඒ අනුව කෘෂි රසායන ද්‍රව්‍ය ඇසුරුම් කිරීම සදහා පොලි එතිලින් ටෙරප්තැලේට් හා පොලිවියනයිල් ක්ලෝරයිඞ් යන ප්ලාස්ටික් වර්ග දෙක තහනම් කරනු ලැබ ඇත.
එමෙන්ම ශුද්ධ පරිමාව මිලි ලිටර් 20 ට හෝ ග‍්‍රෑම් 20ට අඩු සැෂේ පැකට් තහනම් කර ඇති අතර එය ආහාර හා ඖෂධ ඇසුරුම් සදහා අදාල නොවේ.
හුළංවලින් පිරවිය හැකි සෙල්ලම් බඩු නිශ්පාදනය තහනම් වන අතර එය ද බැලූන්, බෝල, දියමත පාවෙන හා පිහිනුම් තටාගවල දී භාවිතා කරන සෙල්ලම් බඩු හා ජල උපකරණ වලට අදාල නොවනු ඇත.
ප්ලාස්ටික් කූර සහිත කොට්න බඞ් තහනම් කර ඇත. එහි දී වෛද්‍ය හා සායනික ප‍්‍රතිකාර සඳහා භාවිතා කරන ප්ලාස්ටික් කොට්න් බඞ් සදහා එම නීතිය අදාල නොවේ.
ඕනැම ප්ලාස්ටික් නිෂ්පාදනයකට අදාලව එම නිෂ්පාදන සදහා යොදාගත් ප්ලාස්ටික් වර්ගය සදහන් කිරීම අනිවාර්ය කර ඇති එක් එක් ප්ලාස්ටික් වර්ගය හඳුනාගැනීම සදහා යෙදිය යුතු ජාත්‍යන්තරව භාවිත කරනු ලබන සංකේත ක‍්‍රමයක් ද මෙම ගැසට් පත‍්‍රය මගින් හදුන්වා දී ඇති අතර ඒවා සදහන් කිරීම අනිවාර්ය වනු ඇත.
ප්ලාස්ටික් ද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රිකරණය පහසු කිරීම මඟින් පරිසර දූෂණය අවම කිරීම එහි අරමුණ යැයි මධ්‍යම පරිසර අධිකාරිය කියයි.
එකී ගැසට් පත‍්‍රවල දක්වා ඇති කරුණු උල්ලංඝණය කල අවස්ථාවක දී ජාතික පාරිසරික පනතේ 31 වන වගන්තිය ප‍්‍රකාරව දඩුවම් හිමි වන බව ද මධ්‍යම පරිසර අධිකාරියේ ප‍්‍රකාශකයෙක් පැවැසීය.
(විනීතා එම් ගමගේ - lankadeepa)
Reply To:
Name - Reply Comment
0 Comments