ඇමෙරිකාවේ ලොකු සරසවියක් පාලනයට ලාංකිකයෙක්
- 2023-07-24 18:09:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝ ප්‍රකට ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ 16 වැනි අධ්‍යාපන ප්‍රධානියා ලෙස ශ්‍රී ලාංකික තාරකා විද්‍යාඥයකු, සම්මානනීය ලේඛකයකු මෙන්ම අධ්‍යාපනඥයකු වන ආචාර්ය රේ ජයවර්ධන මහතා පත් කර තිබේ.
රේ ජයවර්ධන මහතා ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන ප්‍රධානියා ලෙස පත් වීමත් සමඟ ඔහුට එම විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන ප්‍රතිපත්ති සැකසීම, විශ්ව විද්‍යාලයේ පර්යේෂණ සහ අධ්‍යාපන මෙහෙයුම්වලට සහාය වීම සහ විෂය නිර්දේශය සැකසීම ආදී කාර්යයන් රැසක් ඔහුට පැවරෙනු ඇත.
එළඹෙන ඔක්තෝබර් මස 15 වැනිදා සිට අධ්‍යාපන ප්‍රධානී ධුරයේ කටයුතු කිරීම ආචාර්ය රේ ජයවර්ධන මහතා භාර ගැනීමට නියමිත බව ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලය ප්‍රකාශ කර තිබේ.
ඔහු 2018 වසරේ සිට ඇමෙරිකාවේ කෝර්නෙල් විශ්වවිද්‍යාලයේ කලා සහ විද්‍යා පිඨයේ පීඨාධිපතිවරයා ලෙස සේවය කරයි.රේ ජයවර්ධන මහතා ශ්‍රී ලාංකිකයකු වන අතර ඔහු නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් සහ කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති අතර උසස් අධ්‍යාපනය සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වී ඇත.1994 වසරේදී යේල් විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ලබාගෙන ඇති අතර 2000 වසරේදී ආචාර්ය උපාධිය හාර්වඩ් විශ්ව විද්‍යාලයෙන් ලබා ගෙන තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments