හික්කඩුව සුමඟුල් දරුවෝ සුගතාභිවන්දනා සමරති
- 2025-06-15 09:10:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හික්කඩුව ශ්‍රී සුමංගල මධ්යවිද්යාලයීය, අධ්‍යන අනධ්‍යන කාර්ය මණ්ඩලය සහ ආදි ශිෂ්‍ය සංගමය, මිතුරු හවුල සහ විද්‍යාලයීය ආධ්‍යාත්මික සංවර්ධන කවය විසින් සංවිධානය කරනු ලැබූ බැති ගී සරණිය 2025.06.13 වන දින රාත්‍රියේ විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
විද්‍යාලයාධිපති ලුතිතන් දිනේෂ් කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මේ අවස්ථාවට සිසු දරු දැරියන්ගේ මෙන් ම ගුරුවරුන්ගේ, ආදි ශිෂ්‍යශිෂ්‍යාවන්ගේ අපූර්ව ගායනයන් ද බෞද්ධ නාට්‍යයන් ද එක්ව තිබීම විශේෂත්වයක් වීය.
විද්‍යාලයීය සෞන්දර්ය අංශයේ මගපෙන්වීම මත සිසු දරු දැරියන්ගේ සහ දෙමාපියන්ගේ දායකත්වය හිමි වූ සුගතාභිවන්දනා 2025 වැඩසටහන විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලයේ ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා මැද පැවැත්වුණු අතර
විද්‍යාලයීය ආදි ශිෂ්‍යයාවක වන ජනප්‍රිය ගායන ශිල්පිනී සචිනි තාරුකා මෙනවිය ද, ආදි ශිෂ්‍යශිෂ්‍යාවෝ ද, ප්‍රදේශවාසීහු රැසක් ද සහභාගි වූහ.
Reply To:
Name - Reply Comment
0 Comments