බන්දුල පෙතියාගේ වාසභූමිය අභය භූමියක් කිරීමට අනුමැතිය
- 2025-06-03 16:30:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බන්දුල පෙතියා මත්ස්‍යයාගේ වාසස්ථානය වන නික්කඳුපොළ ඇළ මාර්ගයේ කොටසක් අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
1991 වසරේ හඳුනාගත් බන්දුල පෙතියා මෙරටට ආවේණික දුර්ලභ හා දැඩි ලෙස වඳවී යාමේ තර්ජනයකට මුහුණ පා ඇති මත්ස්‍ය විශේෂයක් වේ.
රතු දත්ත ලේඛනයට පවා ඇතුළත්ව ඇති මෙම මත්ස්‍යයාගේ ඉදිරි පැවැත්ම සඳහා තර්ජනයක් තිබෙන බවටත් නිරීක්ෂණය වී තිබේ.
සිදුකර තිබෙන ගණනය කිරීම්වලට අනුව දැනට ජීවත්වන මෙම මසුන් සංඛ්‍යාව තුන්සීයක් හෝ ඊට ආසන්න ප්‍රමාණයක් වෙතැයි සැලකේ.
මෙම මත්ස්‍යයන් ගලපිටමඩ ප්‍රදේශයේ රබ්බඩිගල සිට හපුගොඩ දක්වා ගලා බසින දොළ පහරේ කිලෝමීටර් දෙකයි දශම පහක කොටසක ජීවත්වන බවට හඳුනාගෙන තිබේ.
එම දොළපාර පසෙක රසායනික පොහොර හා කෘෂි රසායන යොදන කුඹුරු පවතින බවට හා මානව ක්‍රියාකාරකම් බහුලව සිදුවන බවට හඳුනාගෙන ඇත.
මේ අනුව අදාළ දොළ පාරේ කිලෝමීටර් දෙකයි දශම පහක දිගින් යුත් කොටස සහ එම දොළ පාරේ මධ්‍ය රේඛාවේ සිට දෙපසට මිටර් පහළොව බැගින් වනභූමි ප්‍රදේශයක් අභය භූමියක් ලෙස නම් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments