චීනය යෝජනා කළ ‘ජාත්‍යන්තර ශිෂ්ටාචාර සංවාද දිනය’ට එක්සත් ජාතීන්ගේ අනුමැතිය
- 2024-06-11 09:00:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝක ශිෂ්ටාචාර අතර සංවාද වෙනුවෙන් ජාත්‍යන්තර දිනයක් නම් කරන ලෙස චීනය ඉදිරිපත් කළ යෝජනාවට එක්සත් ජාතීන්ගේ අනුමැතිය හිමිවෙයි. ඉකුත් 7 වැනිදා පැවති 78 වැනි මහා සම්මේලන සැසිවාරයේ දී එම යෝජනාව ඒකමතිකව සම්මත කෙරිණ. ඒ අනුව, ජූනි 10 වැනිදා ජාත්‍යන්තර ශිෂ්ටාචාර සංවාද දිනය ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබීය.
ලොව සියලු ශිෂ්ටාචාර විසින් දිනාගැනුණු ජයග්‍රහණ සමස්ත මානව වර්ගයාගේ උරුමයන් බව එම යෝජනාවෙන් පෙන්වා දී තිබේ.
ශිෂ්ටාචාරවල විවිධත්වයට ගරු කරමින් ලෝක සාමය පවත්වා ගැනීමේ දී මෙන්ම පොදු සංවර්ධනය හා මානව වර්ගයාගේ යහපැවැත්ම සහතික කිරීමේ දී ශිෂ්ටාචාර අතර සංවාදය තීරණාත්මක මෙහෙවරක් ඉටුකරන බව ද මින් අවධාරණය කර ඇත. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුමේ කේන්ද්‍රීය හරයන් එහි අන්තර්ගත වේ.
අරෝෂා සමරදිවාකර චීනයේ සිට
Reply To:
Name - Reply Comment
0 Comments